දවසේ වැදගත්කම - නොවැම්බර් 29 පලස්තීන ජනතාව සමග ජාත්‍යන්තර සහයෝගිතා දිනය (Significance Of The Day - November 29 International Day Of Solidarity With The Palestinian People)

දවසේ වැදගත්කම - නොවැම්බර් 29 පලස්තීන ජනතාව සමග ජාත්‍යන්තර සහයෝගිතා දිනය (Significance Of The Day - November 29 International Day Of Solidarity With The Palestinian People) - Your Choice Way

පලස්තීනයේ නිදහස හා ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් පලස්තීන ජනතාවගේ මානුෂීය අයිතීන් පවා අහෝසි කරමින් ඊශ්‍රායලය හා අධිරාජ්‍යවාදීන් විසින් සිදුකරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට මෙන්ම අසාධාරණයන්ට එරෙහිව පලස්තීන ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ තම රට නිදහස් කරගැනීමේ අරගලයක නිරත වෙමින් සිටිනවා. අන්න ඒ සාධාරණ අරගලයට සමාජවාදී තරුණ සංගමය ලෙස අපගේ සහයෝගය පලස්තීන ජනතාව වෙනුවෙන් ලබා දෙනවා.

මේ ගැටුමට පාදක වී තිබෙන්නේ පලස්තීනය සම්බන්ධ ඉතිහාසය ඉතා දීර්ඝ එකක් වුවත් වැනි 07 වැනි ශතවර්ෂය වන විටත් මෙම ප්‍රදේශය මූලික වශයෙන් පැවතියේ අරාබි (ඉස්ලාමීය ආගමික) රටක් ලෙසයි. ඊට අමතරව යුදෙව්වන් 4%ක් ද  ක්‍රිස්තියානි පලස්තීනුවන් 10 %ක් ද පමණ එහි ජීවත් වුණා. පොදුවේ මෙම ජනතාව තමන්ව හඳුන්වාගත්තේ පලස්තීනුවන් ලෙසයි. කෙසේ නමුත් 1800 වසර අගදී යුරෝපය තුළ “දේශපාලන සියොන්වාදීන්” යනුවෙන් කුඩා අන්තවාදී සංවිධානයක් බිහි විය. එහි අරමුණ වූයේ ලෝකයේ තැනින් තැන විසිරී සිටි යුදෙව් ජාතිකයන්ට ලොව කොතනක හෝ තනි යුදෙව් රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ අනුව එකී කණ්ඩායම් නායකයන් විසින් එම රාජ්‍ය පලස්තීනය තුළ පිහිටුවීමට තීරණය කළ අතර ඒ සඳහා විවිධ උපාය මාර්ග යොදා ගන්නට වුණා. “මිනිසුන් නැති භූමියකට, භූමියක් නැති මිනිසුන්” වැනි ප්‍රෝඩාකාරී සටන් පාඨ යොදා ගනිමින් යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමණය වීම දිරිමත් කෙරිණි. මෙම ක්‍රියාවලිය සඳහා ලෝක අධිරාජ්‍යවාදී බලවතුන්වන බි්‍රතාන්‍ය හා එක්සත් ජනපදය විසින් තමන්ගේම කලාපීය උපාය උපායමාර්ග වෙනුවෙන් උදව් කළා.

පලස්තීන ජනතාවට එල්ල වූ එම ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාව වූයේ ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවීමට ආසන්න එනම් 1947 හා 1949 අතර කාලයේදී යුදෙව් ත්‍රස්ත කල්ලි විසින් පලස්තීන ගම්වලට ප්‍රහාර එල්ල කොට දහස් ගණන් ජනතාව මරා දැමීම හා පලවා හැරීමයි. ඒ අනුව 1948 දී පලස්තීනුවන් 75000 පමණ පලවා හැරියා. මෙම මානව ඛේදවාචකය හැඳින්වූයේ “අල් නක්බා”

1948 දී එක්සත් ජාතීන්ගේ යෝජනාවක් අනුව පලස්තීන භූමියෙන් 55% ක් ජනගහනයෙන් 30%ක් වන ඊශ්‍රායලයට ද, භූමියෙන් සියයට 45%ක් ජනගහනයෙන් 70%ක් වූ පලස්තීනයට ද වෙන් කළ ද ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අත්පත් කරගැනීම තවදුරටත් සිදුවුණා. ඊශ්‍රායලය පැහැදිලිවම අන්තර්ජාතික නීතිය හා මහජන මතය පවා උල්ලංඝනය කරමින් අත්පත් කරගත් ප්‍රදේශ වල යුදෙව් ජනාවාස හා හමුදා කඳවුරු ඉදිකිරීම දිගින් දිගටම අද දක්වාම කරගෙන යනවා.

විශේෂයෙන් දිගින් දිගටම සිදුවන ප්‍රහාර හා භූමිය ආක්‍රමණය හේතුවෙන් පලස්තීන ජනතාව ඉතා ශෝචනීය තත්ත්වයකට පත් වෙලා තියනවා. පලස්තීන සාමාන්‍ය ජනතාව වගේම කුඩා ළමුන් පවා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම පලස්තීනුවන්ගේ දෛනික ජීවිතය දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය තුළ විශේෂයෙන් 2004 – 2018 දක්වා පලස්තීනුවන් ගේ නිවාස ඒකක 54ක් සෑම වසරකටම විනාශ කර තිබෙනවා. නමුත් මේ වසරේ මේ දක්වා නිවාස ඒකක 155 ක් විනාශ කර තිබෙන බවට වාර්තා පළ වෙනවා. මෙහි නවතම තත්ත්වය වන්නේ මෙම ආක්‍රමණ හා නීති විරෝධී ජනාවාසකරණය පිළිබඳව පසුගිය නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයක් සිදුකරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් කියා සිටියේ බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජනාවාස පිහිටුවීම ජාත්‍යන්තර නීතියට පටහැනි නොවේය යනුවෙනි. මෙම ප්‍රකාශය හේතුවෙන් වර්තමාන එක්සත් ජනපද පාලනය පලස්තීන විරෝධී න්‍යාය පත්‍ර අනුගමනය කරමින් ඊශ්‍රායලයේ යටත්විජිත න්‍යාය පත්‍රය බල ගැන්වීමට හා නීත්‍යානුකූල කිරීමටද උත්සාහ දරා ඇත්තේ සියලු පිළිගත් ජාත්‍යන්තර නීති සම්මුතීන් උල්ලංඝනය කරමින්. මෙම හැසිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වන ලෙස පලස්තීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් නැගෙනහිර ජෙරුසෙලමේ අගනුවර කොටගත් නිදහස් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පලස්තීන ජනතාව හා එක්ව එම සාධාරණ අරගලයට ලොව පුරා සමාජවාදී, අධිරාජ්‍යවිරෝධී සියලුම ජන කොටස්, සංවිධාන තම සහයෝගය පළ කරමින් සිටිනවා. ඇමෙරිකානු එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල උත්සාහයන් පරදවා පලස්තීන රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමි කර ගැනීමට හැකිවීමද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵලයක්. ඒ වගේම නොවැම්බර් 29 ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය ලෙස දිනයක් 1977 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෑම වසරකම මෙම දිනය පදනම් කර ගනිමින් ලෝකය පුරා විවිධ ජන කොටස්,  සංවිධාන පලස්තීන ජනතාව වෙනුවෙන් තම සහයෝගය පළ කරනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩලයේ විවිධ කමිටුවල දී රටවල් විශාල ප්‍රමාණයකගේ සහයෝගයෙන් පලස්තීනයට සහයෝගය දක්වන යෝජනා සම්මත කිරීම් ද බොහෝ සිදුවී තිබෙනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - නොවැම්බර් 29 පලස්තීන ජනතාව සමග ජාත්‍යන්තර සහයෝගිතා දිනය (Significance Of The Day - November 29 International Day Of Solidarity With The Palestinian People) දවසේ වැදගත්කම - නොවැම්බර් 29 පලස්තීන ජනතාව සමග ජාත්‍යන්තර සහයෝගිතා දිනය (Significance Of The Day - November 29 International Day Of Solidarity With The Palestinian People) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment