Ran Salu Andana Song Lyrics - රන් සළු අන්දන ගීතයේ පද පෙළ

Ran Salu Andana Song Lyrics - රන් සළු අන්දන ගීතයේ පද පෙළ
Song Title : Ran Salu Andana (රන් සළු අන්දන)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


රන් සළු අන්දන මනමාලිට අරුණු උදෑසන
තුන් හැන්දෑවට අඬලන ඔටුන්න දාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන

යස පාට වර්ණ රත්තරනින් දිලිසුණු කරමල
අද වීසිවෙලා මහපාරට පෑගෙයි දෙපයට
රන් කුකුළෝ කෝ නුඹට හැදූ රන්වන් මාලිග

රන් සළු අන්දන මනමාලිට අරුණු උදෑසන
තුන් හැන්දෑවට අඬලන ඔටුන්න දාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන

දෙවියන් නමටත් විහිළු කරන මේ ගම් අතහැර
වෙන ගම් රටවල් තියෙනවාද අපට යන්න තව
රන් කුකුළෝ කෝ නුඹ අඬලන අරුණු උදෑසන

රන් සළු අන්දන මනමාලිට අරුණු උදෑසන
තුන් හැන්දෑවට අඬලන ඔටුන්න දාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන
රන් කුකුළෝ ඇයි එල්ලීගෙන පාත බලාගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Salu Andana Song Lyrics - රන් සළු අන්දන ගීතයේ පද පෙළ Ran Salu Andana Song Lyrics - රන් සළු අන්දන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2021 Rating: 5

0 comments:

Post a Comment