Nethra Song Lyrics - නේත්‍රා ගීතයේ පද පෙළ

Nethra Song Lyrics - නේත්‍රා ගීතයේ පද පෙළ
Song Title : Nethra (නේත්‍රා)
Artiste : Abhisheka Wimalaweera
Lyrics : Janith Witharanage
Melody & Music : Dilum Thejana Hettiarachchi
Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera


නේත්‍රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ලග තියෙනවා නම්
තුනට හතරට නැව්ව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

පැළුනු දෙතොලග හිනා කඳුලක්
හොයාගන්නට බැරි නොවෙයි නම්
නාලගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

දැනුනූ නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුලැගිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්

මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්ථිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethra Song Lyrics - නේත්‍රා ගීතයේ පද පෙළ Nethra Song Lyrics - නේත්‍රා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 10, 2021 Rating: 5

0 comments:

Post a Comment