Mal Wage Lassana Song Lyrics - මල් වගෙ ලස්සණ ගීතයේ පද පෙළ

Mal Wage Lassana Song Lyrics - මල් වගෙ ලස්සණ ගීතයේ පද පෙළ
Song Title : Mal Wage Lassana (මල් වගෙ ලස්සණ)
ගායනය : චම්පා කල්හාරි
පද : හේමසිරි හල්පිට
සංගීතය : නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
නීල් වර්ණකුලසූරිය ගේ කතාවකට නිර්මානය වූ හා ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.



මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා ....//

මාරුතේ සැලී සැලී
රොන් පිරී පිරී
මල් සිනා දිදී දිදී
කුසුමක් පිබිදීලා
රොන් සොයා ඇදී ඇදී
මල් වනේ පුරා
ගුම් නදින් උදම් වෙවී
බමරෙකු මුණගැසුණා

මල් මදහාසේ
නෑ නෑ දුටුවේ
හඬගා කීවේ
නෑ නෑ ඇසුනේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

වේදනා සිඳී සිඳී
යා නොදී නොදී
නිල් නෙතින් බලා හිඳී
කිසිවක් ලබන රිසී

කාලයේ මිලාන වී
යා නොදී රැඳී
මල් විලේ පැතුම් පොදී
ඔහු ළඟ නතර වෙතී

මධු කුසලානේ
ඔහුටයි පිරුවේ
නිල් මකරන්දේ
ඔහුටයි පැතුවේ

මල් වගෙ ලස්සණ ලොවකට වෙලා
ලස්සණ ලස්සණ දා
මල් වගෙ ලස්සණ ලොව තනිවෙලා
පැතුමත් දුකක් වෙලා
චේතනා
පාරයි වේදනා
මේ ගී ගායනා
පාරයි වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Wage Lassana Song Lyrics - මල් වගෙ ලස්සණ ගීතයේ පද පෙළ Mal Wage Lassana Song Lyrics - මල් වගෙ ලස්සණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2021 Rating: 5

0 comments:

Post a Comment