ලම්ප් රයිස් හදමු (Lamprais Rice)

ලම්ප් රයිස් හදමු (Lamprais Rice) - Your Choice Way

අද මම දවල්ට කන්න ලම්ප් රයිස් (Lamprais)  හැදුවා . මේ බත සාමාන්‍යයෙන් කෙසෙල් කොලේ ඔතලා කන්න ඕන . අනේ අපේ ගෙදර කෙසෙල් කොල නැහැ . ඉතින් මම මෙහෙම පිලියෙල කලා මගේ ලම්ප් රයිස් එක. 

සාමාන්‍යයෙන් ලම්ප් රයිස් එක්ක කන්න කට්ලට් , වම්බොටු මෝජු තියෙන්න ඕන . මට ඒ දෙකම හදා ගන්න බැරී වුනා . 

මම ලම්ප් රයිස් කන්න  හැදුවා 
  • චිකන් බැදලා කරි එකක් 
  • අල කරි එකක් 
  • සීනි සම්බලක් 
  • බිත්තර තම්බලා  බැදලා 
මෙහෙමයි මම ලම්ප් රයිස් එක හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිරි සම්බා හාල් කප් 2 
  • චිකන් ස්ටොක් වතුර  (තමන් ගන්නා හාල් ප්‍රමාණය අනුව ගන්න)
  • එළගි තෙල් හෝ බටර් හෝ මාජරින් 
  • කරදමුංගු සහ කරාබු නැටි 5
  • තරමක කුරුදු පොතු කැබැල්ලක් 
  • කරපිංච ටිකක්
  • රම්පෙ 
  • සුදුරු ටිකක් 
  • අමු තුනපහ කුඩු තේ හැදි 2 
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
  • ඉගුරු කැල්ලක් 
  • සුදු ළුනු බික් 3  (සුදු ළුනු , ඉගුරු එකට තලා ගන්න) 
  • ලොකු ළුනු ගෙඩ් 1 
  • ලුනු කුඩු ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව හාල් ටික හොඳින් සෝදා වතුර බෙරෙන්න තබන්න.
  2. රයිස් කුකර් එකේ භාජනය ලිප තබා එළගි තෙල් හෝ මාජරින් දමා රත් වු විට එයට කරදමුංගු , කරාබු නැටි, කුරුදු එකතු කර යාන්තම් බැදෙන විට කරපිංච රම්පෙ එකතු කර මිශ්‍ර කර යාන්තම් බැදෙන විට ළුනු එකතු කරන්න . රන්වන් පාට වනතුරු බැද ගන්න. 
  3. පසුව තුනපහ කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර මිශ්‍ර කරන්න.
  4. දැන් ලුනු කුඩු ටිකක් එකතු කර කලවම් කරන්න. පසුව හාල් ටික එකතු කර යාන්තම් බැදෙන විට චිකන් ස්ටොක් එකතු කර ලිප නිවා දමා භාජනය රයිස් කුකර් එක මත තබා ඔන් කර බත ලම්ප් රයිස් එක උයා ගන්න. 
Dhammika Panangala (ධම්මිකා පනංගල)
ලම්ප් රයිස් හදමු (Lamprais Rice) - Your Choice Way

ලම්ප් රයිස් හදමු (Lamprais Rice) - Your Choice Way

ලම්ප් රයිස් හදමු (Lamprais Rice) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලම්ප් රයිස් හදමු (Lamprais Rice) ලම්ප් රයිස් හදමු (Lamprais Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment