සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - අවසන් කොටස (India - Last Part)

සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - අවසන් කොටස (India - Last Part) - Your Choice Way
"දෙවියන් වහන්සේ ඔබලාට ආශීර්වාද කරයි.  ඉන්දියාවේ පාලකයින් වන අපද ඔබට ආශීර්වාද කරන අතර ඔබගේ අණ සදහටම සහ ස්ථිරවම පවතිනු ඇතැයි ප්‍රාර්තනා කරමු." - ග්වාලියර්හි මහරාජා සින්ඩියා

වර්තමානයේ දේශද්‍රෝහීන් ලෙස පෙනුනද ග්වාලියර්හි මහාරාජාගේ ඒ හැඟීම එකල ස්වදේශික පාලකයන් බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයන් කෙරෙහි දක්වන ආකල්පය පිළිබිඹු කරනු ලැබීය. මෙයින් සමහරක් පාලකයන් බොහෝ විට විදේශීය බිසවකට හසු වී බ්‍රිතාන්‍ය මැදිහත්වීම් වලට යටත් වූ අයයි. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ සිටි කාලයේදී අන් කවරදාටත් වඩා මේ පාලකයන්ට ආරක්ෂාව, ධනය සහ ගෞරවය හිමි විය. එමෙන්ම 1858 වික්ටෝරියා රැජිණගේ ප්‍රකාශනය මගින් බ්‍රිතාන්‍යයන් භූමිය ඈදා ගැනීම නතර කළ අතර නැවත වරක් තමන්ගේම උරුමක්කාරයන් තෝරා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි විය. ඉංග්‍රීසි පාලනයට සහ වික්ටෝරියා රැජිණගේ පින්තූරයට ගෞරව දැක්වීම මගින් පමණක් මෙම පාලකයෙකුට බොහෝ දුරට කිසිදු බාධාවකින් තොරව සිය පාලනය සිදු කළ හැකි විය.

එමෙන්ම ඔවුන්ට බදු එකතු කිරීමටද බලය තිබූ අතර එයින් ස්වල්පයක් පමණක් ඔවුන් බ්‍රිතාන්‍යයන්ට ගෙවන ලදී. එමෙන්ම ඔවුන්ගේම උසාවියේ නීතිමය කරුණු පිළිබඳ අවසාන තීරණය ලබා දුන්නේද ඔවුන් විසිනි. බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සිටි සාමාන්‍ය ඉන්දියානුවන් දැඩි වෙනස්කම් වලට, සාගින්නට හා සූරාකෑමට ලක්ව සිටියදී මේ පාලකයන්ට විශාල මාලිගා සහ ලස්සන ඇදුම් පැළදුම් හිමි විය. මේ පාලකයන් ජීවත් වූයේ ඔවුන්ගේම උසස් පන්තියක වූ අතර ඔවුන්ගේ ඉංග්‍රීසි සගයන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහ පැවැත්වීම, සිම්ලා හෝ කල්කටාවේ ප්‍රභූ සමාජ ශාලාවන් වලදී ඔවුන් සමඟ සාද පැවැත්වීම ආදිය සිදු කළ අතර ඔවුන්ගේ දරුවන්ද ඉංග්‍රීසි පාසැල් වලට යැවූහ. ඇත්ත වශයෙන්ම එවකට බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිතයා වූ කර්සන් සාමිවරයා සමඟ කොටියන් දඩයම් කිරීමට යාම ග්වාලියර්හි මහාරාජා සින්ධියාගේ ප්‍රියතම විනෝදාංශය විය. 

මීට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් මෙම පාලකයන්ට ඔවුන්ගේ මධ්‍ය කාලීන විලාසිතාවන් හා ගෞරව නාමද ලබා දීම සිදු කළ අතර එමගින් බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූයේ දේශීය හා විදේශීය පාලකයන් අතර තිබූ බැඳීම තවත් ශක්තිමත් කර ගැනීමය. මේ ආකාරයට බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියානු දේශීය පාලකයන්ට සහ ඉන්දියාවේ සේවය කළ බ්‍රිතාන්‍ය නිලධාරීන්ට සහ පරිපාලකයින්ට ගෞරව දැක්වීම සඳහා නව නයිට් පදවියක් හදුන්වා දෙන ලදී. ඒ අනුව 1861 ජූනි 25 දින වික්ටෝරියා රැජින විසින් ඉන්දියාවේ කැපී පෙනෙන සේවයක් සිදු කරන සහ බ්‍රිතාන්‍යයට පක්ෂපාතී පිරිස් සඳහා ත්‍යාග පිරිනැමීමක් ලෙස "The Most Exalted Order of the Star of India" යන්න නිර්මාණය කරමින් නිවේදනයක් නිකුත් කරන ලදී.

ඒ අනුව මෙම පදවි ප්‍රාදේශීය පාලකයන් සිටි ශ්‍රේණි අනුව ලබා දීමට තීරණය කෙරුණු අතර මයිසූර්, හයිද්‍රාබාද් වැනි මහා කුමාරවරුන්ට "නයිට් ග්‍රෑන්ඩ් කමාන්ඩර්" තනතුර හිමි විය. එමෙන්ම ඉන්දියාවේ බ්‍රිතාන්‍යය නිත්‍ය නියෝජිතයාට සහ අනෙක් උසස් නිලධාරීන්ටද මෙම පදවිය හිමි විය. එමෙන්ම අනෙක් පාලකයන්ටද තමන් සිටි ශ්‍රේණිය අනුව එවැනි පදවි හිමි විය.

එහෙත් 1858 ප්‍රකාශය මගින් රාජකීය වැඩවසම් ධූරාවලියක් බ්‍රිතාන්‍යයන් විසින් නිර්‍මාණය කර එය පවත්වා ගෙන යමින් මෙම පාලකයන්ට ගෞරවයන් ලබා දුන්නද බ්‍රිතාන්‍යයන් ඔවුන්ට අවශ්‍ය යැයි සිතුණු විට මෙම පාලකයන්ට හිරිහැර කිරිම්, සීමා කිරීම් මෙන්ම බලයෙන් පහ කිරීමද සිදු කළහ. වික්ටෝරියා රැජින අධිරාජිනිය ලෙස සිටියදී බ්‍රිතාන්‍යයන් විසින් ස්වදේශික රාජ්‍යයන් කෙරෙහි ‘පරමාධිපත්‍යය’ බලය ප්‍රකාශ කළ අතර එයින් අදහස් කළේ ඔවුන්ට අවශ්‍ය නම් ඊළග අනුප්‍රාප්තිකයා තීරණය කළ හැකි බවත් නොහික්මුණු පාලකයන් බලයෙන් පහ කළ හැකි බවත්ය. නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම මෙන් නොව 1858 ප්‍රකාශනය මගින් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූ විට රාජ්‍යයක් ඈදා ගැනීමට නොහැකි වුවත් ඒ වෙනුවට ඔවුන්ට පාලනය ලබා ගැනීම සඳහා වඩාත් කපටි ක්‍රම භාවිතා කරන ලදී.

මේ ආකාරයට ඔවුන් සිදු කරන ලද ජනප්‍රියම ක්‍රමය වූයේ සුළුතර පාලන ක්‍රමයයි. මෙම ක්‍රමය මඟින් දරුවෙකුට රාජ්‍යයක් උරුම වූ විට එම රාජ්‍යයේ නීති ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් වැනි කරුණු පිළිබඳව තීරණ ගැනීමට මෙන්ම වෙළඳාම පිළිබඳවද තීරණ ගැනීමට බ්‍රිතාන්‍ය පාලිත නියෝජිතයෙකුට හෝ රීජන්සි කවුන්සිලයකට බාර වේ. මේ ආකාරයට සිදු වූ වඩාත් ප්‍රසිද්ධම සිදුවීම වූයේ 1875 දී  ගැටලුකාරී චරිතයක් වූ බාරෝඩාවේ ගයික්වාඩ් මල්හාර් රාඕට හදිසියේම නිලධාරියෙකු ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඔහුව බලයෙන් පහ කිරීම ය. ඉන්පසු බ්‍රිතාන්‍යය රජය විසින් එම ප්‍රදේශයේ පාලකයා ලෙස රාජවංශයට සුළු සම්බන්ධකමක් ඇති දොළොස් හැවිරිදි ගැමි දරුවෙකු ඔහු වෙනුවට පාලකයා ලෙස පත් කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ ස්වදේශික ප්‍රාන්ත වල දෙවන බලවත්ම පාලකයා ලෙසට III වන සයාජිරාඕ නම් කුඩා දරුවා පත් විය.

මේ කුඩා දරුවා පිටුපස සිට බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ ධනවත්ම හා බලවත්ම රාජ්‍යයක් පාලනය කිරීමට සමත් වූ අතර ඔවුන් එමගින් වෙළඳාමේදී බදු සහන ලබා ගැනීම වැනි විවිධ වාසි ලබා ගැනීමට සමත් විය. ඊට අමතරව මෙම සුළුතර පාලන ක්‍රමය යටතේ ඔවුන් මෙම තරුණ කුමාරවරුන්ට ‘නවීන’ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සිදු කළ අතර කාර්මිකකරණය, නවීකරණය සහ බටහිරකරණය වැනි සංකල්ප ඔවුන් අතර ප්‍රවර්‍ධනය කරමින් මෙම කුඩා පාලකයින් බ්‍රිතාන්‍යයන් කෙරෙහි පැවති ඇල්ම වැඩි කර ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී. 

එමෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස 1881 දී ඔහුගේ අධ්‍යාපනය අවසන් වීමෙන් අනතුරුව III වන සයාජිරාඕ ආදර්ශමත් ඉන්දියානු කුමාරයෙකු බවට පත් වූ අතර ඔහු තම ප්‍රාන්තයේ ප්‍රගතිශීලී පාලනයක් සිදු කරන ලදී. එමෙන්ම සමාජ සේවාවන් නිර්මානය කරමින්, පුරාණ ‘මිථ්යා විශ්වාස’ චාරිත්ර වාරිත්ර ඉවත් කිරීම මෙන්ම ඔහුගේ ප්‍රාන්තය තුළ ළමුන්ට අධ්යාපනය අනිවාර්ය කළේය. ඒ අනුව 1877 වෙද්දී ස්වදේශික ජනපද වලින් අඩක් ආවරණය වූ ප්‍රාන්ත 28 ක් සුළුතර පරිපාලන ක්‍රමය යටතේ පැවතුනි. උදාහරණයක් ලෙස පටියාලා ප්‍රාන්තය 1860 සිට 1910 දක්වා සුළුතර බ්‍රිතාන්‍ය පාලනය යටතේ වසර 35ක් පැවතුණි.

මීට අමතරව පාලකයන්ට හිමි වී ඇති ශ්‍රේණිය පහත් කරන බවට තර්ජනය කිරීමද පාලකයන් පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් යොදා ගත් තවත් මාධ්‍යයක් විය. මෙයට උදාහරණයක් ලෙස 1861 දී බ්‍රිතාන්‍යයන් විසින් රාජ්පුත් පාලකයාට දැනුම් දුන්නේ ජනතාව විසින් සිදු කරනු ලබන පූජාවක් වන සති පූජාව (සැමියා මිය ගිය පසු වැන්දඹුවක් වූ බිරිඳ අවමංගල්‍ය අවස්ථාවේදී පුළුස්සා දමන හින්දු සම්ප්‍රදාය) ඉතා දරුණු ක්‍රියාවක් වූ බැවින් එය නතර කරන ලෙසය. එසේ නොකළ හොත් ඔහුගේ ශ්‍රේණිය පහත හෙලීමට සිදු වනු ඇති බවද ඔවුන් සදහන් කරන ලදී.

එමෙන්ම පාලකයන් විසින් සිදු කරනු ලබන මීට වඩා බරපතල වැරදි සඳහා බ්‍රිතාන්‍යයන් විසින් එම ප්‍රාන්තයට පත් කර සිටින පුද්ගලයෙකු මගින් දඩුවම් ලබා දීම සිදු කරනු ලැබීය. එමෙන්ම මෙම පාලකයන්ට මුහුණ දීමට සිදු වූ නරකම දෙය නම් එවැනි වරදක් සිදු කළ හොත් ඔවුන් බලයෙන් පහ කිරීමේ තර්ජනය සමඟ එම පාලකයාගේ පාලනය කිරීමේ යෝග්යතාව තක්සේරු කිරීම සඳහා විමර්ශන කොමිසමක් පත් කිරීමයි.

එමෙන්ම ඊට අමතර බ්‍රිතාන්‍යයන්ට පාලනය සදහා ආධාර කරන මෙන්ම පක්ෂපාතී පාලකයන් සඳහා ඔවුන් සිටි ශ්‍රේණියෙන් උසස් වීම් සහ ත්‍යාගද හිමි විය. ඒ අනුව පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පැත්තට වී සිටීම මගින් ආරක්ෂාව, ගෞරවය සහ ධනය හිමි වන බවත්, ඔවුන්ට අකීකරු වීම යන්නෙන් අදහස් කරන්නේ තත්ත්වයෙන් පහත් වීම මෙන්ම ඔවුන්ට පත් විය හැකි නරකම තැනට පත් වීම බවයි.

මේ හේතු නිසාම 1901 බොක්සර් කැරැල්ල මෙන්ම ලෝක යුද්ධ දෙකම වැනි බොහෝ අධිරාජ්‍ය යුද්ධ සඳහා බ්‍රිතාන්‍යයට මුලින්ම තම සෙබළුන් හා සම්පත් මෙම පාලකයන් විසින් ලබා දෙන ලදී. එමෙන්ම ඔවුන්ට මෙම අධිරාජ්‍යයෙන් නිදහස් විමට කිසිදු අවශ්‍යතාවක්ද නොවීය. එහෙත් 1919 දී සිදු වූ අම්රිත්සාර් සංහාරයට පන්ජාබ්හි කුමාරවරුන් කිහිප දෙනෙක් පමණක් විරුද්ධ වූහ.

සැබැවින්ම ඉන්දියාවේ බ්‍රිතාන්‍යය පාළනය ගෙන යාම සඳහා මෙම පාලකයන් අතිශයින්ම වැදගත් විය. එමෙන්ම කුඩා පරිපාලන පිරිසක් සහ කුඩා යටත්විජිත අයවැයක් යටතේ සිදු වූ බ්‍රිතාන්‍යය පාලනයේදී ඔවුන්ට ආර්ථික හා භූගෝලීය වශයෙන් ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශ විශාල ප්‍රමාණයක් පාලනය කිරීමේ ලාභදායි ක්‍රමයක් බවට මෙම පාලකයන් පත් වූ අතර සමාජයේ ප්‍රාදේශීය මට්ටම් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නංවා ගැනීමටද ඔවුන් උපකාරී විය. ඇත්තෙන්ම 1947 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට නිදහස් ලබා දෙන තුරු විසිවන සියවස දක්වාම ස්වදේශික රාජ්‍යයන්ට සහ ඔවුන්ගේ පාලකයන්ට පැවතීමට සහ සමෘද්ධිමත් වීමට ඉඩ සැලසුවේ ඔවුන් අතර තිබූ මෙම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයයි.

විශ්මිත ඉතිහාසය
සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - අවසන් කොටස (India - Last Part) - Your Choice Way
දොළොස් හැවිරිදි III වන සයාජිරාඕ ගයික්වඩ්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - අවසන් කොටස (India - Last Part) සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උදව් කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - අවසන් කොටස (India - Last Part) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment