Hitha Wenai Song Lyrics - හිත වෙනයි ගීතයේ පද පෙළ

Hitha Wenai Song Lyrics - හිත වෙනයි ගීතයේ පද පෙළ
Song Title : Hitha Wenai (හිත වෙනයි)
Singing : Master D


බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි

පේන හැමදේම දියවෙලා ගියා
එක වෙලාවකදි මා
හිත හීන පාරේ ඉගිලුනා වෙලාගත
හීන විසඳුවා
පිණි බාලා ගත්ත බෙර පලා මදි කියා
පාද ලිස්සුවා
කාගෙත් හිත් නිසා පාරවා මගේ පාදුවා
යලි පාර පස්සේ මා
පිනවා උඹේ මනදොල පීනා
අහුමුලු වල ඇවිදුවා පීරා
මගේ රැපට කට වහලා බීරා
තවකෙක් නැටුවා රැපට බීලා
මගේ රටේ හුඟ දෙනෙකුත් බීලා
ඩොලරය ගියා රුපියලේ රීලා
ජන මතයෙන් දිනුවද ගීතා
මේක රැප Version එක Beta

ඇත්තේ නැත්තේ මන්දා කොත්තමල්ලි
බොන කොල්ලෝ රොත්ත මගේ
තක්කෙට වෙන්න තියෙන දේ දන්න
හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
යුද්දෙට යන්න යුද නොකර ඉන්න දන්න
මුඩු උත්තමයෝ අතින්
මගේ රට යන්න යන්න ගියා කොන්ද
ඇවිලුනාට පැන්නා මරු ඇටෙන්
බිහිසුණු කල රට ඉපදී ආ,
පා වෙර දරන කලාවකදී
වසර වසර දින ගෙවුණි
නොදැනී මා මතකේ සතුටක් දැක
නෑ සුවයක්
සෙනගට තාම තේරෙන් නෑ කරුණක්
උඹට නොතේරී උඹ තා බොජුනක්
තව කාගේ හරි හපන පාරේ යන මනසින්
බාල අය
කෝ දැන් මානේ

උඹ විසිකර පෝර මල්ලෙන් පැනපු
දාර පඳුරු වල රාබු බැහැලා අද මාර අල
අර ශූර ගොවියා පාර මැද කපලා අරන්
විකුණලා දාහේ කොල
ඉතිම් පාර කියන තාරුකාවට මාර මල
වැස්සට කලින් තාර දැම්මා අන්න පාරේ
හැදිලා අද දාර වල
මට මාර මල
මොර දී ලබා ගන්න දෙයක් නෑ
අත බර පෙරදී
දුවගෙන ගිය මාගේම අය මම ගාවින්
ඉඳන් හරි පාරන් බෑවා තම වාරම්
මම රාවන්නද ඉතිම් අද
තා වෙන්නද තා වෙන්නද තර මම
රෑ පෙම් මිරිකන්නද ඔලු
කරබා ගනීද වාවන් ඉතිම් මගේ පද
පාවෙන්නෙ වේ පාවෙන්නේ වේ හැමුන්

බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්න බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් ව නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Wenai Song Lyrics - හිත වෙනයි ගීතයේ පද පෙළ Hitha Wenai Song Lyrics - හිත වෙනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment