Cordelia Song Lyrics - කෝඩේලියා ගීතයේ පද පෙළ

Cordelia Song Lyrics - කෝඩේලියා ගීතයේ පද පෙළ
Song Title : Cordelia (කෝඩේලියා)
Vocals , Lyrics : Isuranga Iniyage
Melody, Music, Mixing & Mastering : Stereomiinds
Main Violin : Malshan Ranawella
Illustrations & Animations : Digitree Animations (Chanaka Sandaruwan Jayasekara)


සයුරෙන් ගේනා
මිණි නෙතඟේ චායා
රළ සේ පාවී
ඔබ මා වෙත ආවා

මා හද විමනේ
දොරගුල් බිඳ දැමු ඒ
සිහිල් මාරුතයේ
ඔබ පාවී ආවා

යාමෙන් යාමේ නිදි නෑ එනා
හීනෙන් හීනේ ඔබ මා වෙලා
මොහොතින් මොහොතේ මට ලන් වෙනා
හසකැන් යාවී හද සුවදෙනා

කින්නරාවී රාධා
යුග දෑසේ රාගේ පාලා
තරු කැල්මන් දල්වා
ආලේ දෝ සෙව්වේ ඔබ මා හා

හද ගී ගයනා යාමේ
දැවටී මනසේ ඉඟි පෑවේ
ඔය රූ විල් තීරේ
කිමිදේවී පේවී හද මාගේ

ප්‍රේමේ වෑහේනා මා 
හද පාවේනා
ආලෙන් මත් වෙනා 
ඔබ මා වශී කළා
ඈ ශෘංගාරෙන් මා මත් කරනා

සැලෙනා නිතඹේ
දඟ කරනා සේලේ
මිහිරෙන් මතකේ
හද ඉපිලෙයි මාගේ

රූ ශෝභාවේ
සුවඳේ කිඳුරාවේ
ලතැවුල් මා හෘදේ
සිහිලෙන් නිවුවේ

යාමෙන් යාමේ නිදි නෑ එනා
හීනෙන් හීනේ ඔබ මා වෙලා
මොහොතින් මොහොතේ මට ලන් වෙනා
හසකැන් යාවී හද සුවදෙනා

කින්නරාවී රාධා
යුග දෑසේ රාගේ පාලා
තරු කැල්මන් දල්වා
ආලේ දෝ සෙව්වේ ඔබ මා හා

හද ගී ගයනා යාමේ
දැවටී මනසේ ඉඟි පෑවේ
ඔය රූ විල් තීරේ
කිමිදේවී පේවී හද මාගේ

ප්‍රේමේ වෑහේනා මා 
හද පාවේනා
ආලෙන් මත් වෙනා 
ඔබ මා වශී කළා
ඈ ශෘංගාරෙන් මා මත් කරනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Cordelia Song Lyrics - කෝඩේලියා ගීතයේ පද පෙළ Cordelia Song Lyrics - කෝඩේලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment