බුළු [Bulu] (Terminalia Bellirica)

බුළු [Bulu] (Terminalia Bellirica) - Your Choice Way
🌿 බුළු මීටර් 20 දක්වා ඉහලට වර්ධනය වන විශාල කඳක් සහිත දේශීය ශාකයකි. 

🌿 ළපටි ශාඛා සියුම් බූවක් සහිත වන අතර පරිනතියත් සමග එවා අභාවයට යයි. පත්‍රයක් දිග සෙ.මි 20ක් ද පළල සෙ.මි. 10ක් ද දක්වා වර්ධනය වේ. පත්‍රවල පිහිටීම සර්පිල හෝ වලයාකාර වේ. 

🌿 දිගු කක්ෂීය ශුකිවල හට ගන්නා නිර්වෘන්ත පුෂ්ප ක්‍රීම් පැහැයට හුරු සුදු පැහැයක් ගනී. 

🌿 සියුම් බූවක් සහිත ඵලය ඉලිප්සාකාර සිට මද වටකුරු වේ. කිරි රසයෙන් යුක්ත බලු මදය ආහාරයට ගත හැකිය.

🌿 දැවමය වටිනාකමක් ද සහිත බුලු Combretaceae කුලයට අයත් ශාකයකි. ආහාර මාර්ගයේ රෝග රැසකට ගුණ දෙන ඔසුවක් ලෙස සැලකෙන ත්‍රිපලා චූර්ණයේ ඇති ප්‍රධාන සංඝටක තුනෙන් එකක් වන්නේ බුළු ය. 

🌿 එමෙන්ම ක්ෂය රෝගය, ඇදුම, පණු රෝග, මුත්‍ර ගල්, මුත්‍ර රෝග, අක්ෂි රෝග, සුදු කබර, ඉදිමුම් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බුළු ශාකයේ පොතු, ලෙ ලි හෙවත් ගෙඩියෙහි පොත්ත, ඇට ආදිය භාවිතා කරයි.

🌿 ඇදුම රෝගය සඳහා බුළු ඇට චූර්ණය මී පැණියෙන් ලේහ කරයි. බුළු ඇට චූර්ණය මී පැණි සමග පානය කිරීමෙන් මුත්‍ර අඩස්සිය සහ මුත්‍ර ගල් නැසෙන බව දක්වා ඇත.

🌿 ග්‍රන්ථි රෝග සහ විසර්ප සඳහා බුළු ලෙලි මී පැණියෙන් අඹරා ප්‍රලේප කරයි. බුළු ඇට මද අඹරා ආලේප කිරීම ඉදිමුම් සඳහා ප්‍රතිකාරයකි. 

🌿 දිනපතා බුළු ගෙඩිය බැ ගින් කෑමෙ න් කාමෝත්තේජනය වන බවත් නපුංසකතාවය නැසෙන බවත් සඳහන් කර ඇත. 

🌿 සුදු කබර සඳහා බුළු පොතු ස්වරස ආලේප කිරීම සහ බුළු පොතු, කොතල හිඹුටු මුල් බාකුචි චූර්ණය අනුපාන වශයෙන් දමා බීමට දීම නිර්දේශ කර ඇත. 

🌿 බුළු ඇට මදවලික් සිඳ ගන්නා තෙල් හිසකෙස් කළු කිරීමට යොදා ගන්නා බවත් අකලට හිසකෙස් පැසීම සහ සුදු කබර රෝග සඳහා ප්‍රශස්ථ ඔසුවක් ලෙසත් සැලකේ.

🌿 බුළු කෘමි නාශක, වාජීකරණ, අශ්මරී නාශක, මුත්‍ර පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුළු [Bulu] (Terminalia Bellirica) බුළු [Bulu] (Terminalia Bellirica) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment