Bambareku Anduwa Song Lyrics - බඹරෙකු ඇඬුවා ගීතයේ පද පෙළ

Bambareku Anduwa Song Lyrics - බඹරෙකු ඇඬුවා ගීතයේ පද පෙළ

Bambareku Anduwa Song Lyrics - බඹරෙකු ඇඬුවා ගීතයේ පද පෙළ
Song Title : Bambareku Anduwa (බඹරෙකු ඇඬුවා)
ගායනය : නිරංජලා සරෝජිනී, අ‍බේවර්ධන බාලසූරිය
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bambareku Anduwa Song Lyrics - බඹරෙකු ඇඬුවා ගීතයේ පද පෙළ Bambareku Anduwa Song Lyrics - බඹරෙකු ඇඬුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2021 Rating: 5

0 comments:

Post a Comment