Atha Gaw Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ

Atha Gaw Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ
Song Title : Atha Gaw Ganan Durin (ඈත ගව් ගණන් දුරින්)
ගායනය : නාරද දිසාසේකර සහ පිරිස
පද : මහගම සේකර
තනුව : ඩබ්.ඩී. අමරදේව
1964 දී තිරගතවූ ‘ගැටවරයෝ’ චිත්‍රපටියේ ගීයකි.


ඈත ගව් ගණන් දුරින්
ලෝකයේ නොයෙක් රටින් ...//
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල //
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල
සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල

පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
පාවෙවී ආ වලාසිතා
දෙව් ලියන් මැවූ විලාසිතා

පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික්
නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
පත්තරේට වැටෙනකල් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ

ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල //
ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල //
ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Gaw Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ Atha Gaw Ganan Durin Song Lyrics - ඈත ගව් ගණන් දුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment