Silwiya Da Kawuda Manda Song Lyrics - සිල්වියා ද කවුද මන්දා ගීතයේ පද පෙළ

Silwiya Da Kawuda Manda Song Lyrics - සිල්වියා ද කවුද මන්දා ගීතයේ පද පෙළ
Song Title : Silwiya Da Kawuda Manda (සිල්වියා ද කවුද මන්දා)
ගායනය : මැක්ස්වල් මෙන්ඩිස්
පද : බැන්දෙ කවුද කියල දන්නෙ මැක්ස්වල් මෙන්ඩිස්


"මධුමතී" හින්දි චිත්‍රපටියේ අපි ගොඩාක් රස විඳි ගීයක් ගැනයි අද කියන්නෙ. Salil Chowdhury සංගීත අධ්‍යක්ෂණය කළ "මධුමතී" චිත්‍රපටියේ මේ ගීය ගැයුවේ ලතා මංගෙස්කාර් සමග මුකේෂ් (Mukesh Chand Mathur).

වංග ජාතික Salil Chowdhury අති විශිෂ්ඨ සංගීතඥයෙක් බව කවුරුත් දන්නව. සලීල්ගෙ පියා Gyanendra Chowdhury සංගීත රසකාමියෙක්. සලීල් පවසන පරිදි ඉතා විශාල බටහිර සම්භාව්‍ය හා ජන ගී එකතුවක් පියා සතුව තිබුණාලු. ඔහු ඒ ගී ආභාෂය ලබන්න ඇති ළමා වියේදි. Dil Tadap Tadap Ke ගීයේ නාද මාලාවත් ඒ අතර තියෙන්න ඇති.

මේ නාද මාලාව පිළිබඳ සැබෑ ඉතිහාසය, එවකට සලීල් පවා නොදැන සිටි බවයි පැරණි තොරතුරු හාරා බලන මට වැටහුණේ. සලීල් All India Radio සමග කළ සම්මුඛ සාකච්ඡාවක් වෙත පහත යොමුවෙන් පිවිසිය හැකියි. හින්දි සිනමාවට ඔහු සම්බන්ධ වූ හැටි මෙහි සඳහන් වෙනවා. 

ඔහු කියනවා මේ Dil Tadap Tadap Ke ගීයේ මුල් තනුව යුරෝපාකරයේ (හංගේරියානු) ජන ගීයක බව. 

මා එහි සැබෑ කතාව සෙව්වා. 
දැන් තිබෙන සිතියම ගත්තොත්, උතුරින් පෝලන්තයටත්, දකුණින් චෙක් (Czech) ජනරජයටත්, බටහිරින් ජර්මනියටත් සහ නැගෙනහිරින් පැරණි සෝවියට් දේශය බිඳී අළුතින් බිහිවූ රටවල් කිහිපයකටත් (ස්ලොවේකියාව ආදී) මැදිව, මධ්‍යම යුරෝපයේ ඉස්සර තිබුණා Silesia නම් පළාතක්. වැඩිමනත් පෝලන්තයේ නිරිතදිග කොටසටයි අයත් වුණේ. සිලේසියානු උප භාෂාවක් ද, එම ජන කොට්ඨාශයට ආවේනික ගෘහ නිර්මාණ ශිල්පය, ඇඳුම් ආයිත්තම්, ආහාර පාන, ජන සංගීතය ඈ දේවල් වූවා. Dil Tadap Tadap Ke ගීයේ ඇහෙන නාද මාලාව, 18 වන සියවසේ මෙන්න මේ සිලේසියාවෙන් බිහිවූ එකක්. "Szła Dzieweczka Do Laseczka" ඒ ජනප්‍රිය ජන ගීයයි.
Silwiya Da Kawuda Manda Song Lyrics - සිල්වියා ද කවුද මන්දා ගීතයේ පද පෙළ

එහි පද මෙසේයි (පෝලන්ත බසින්)


Szła dzieweczka do laseczka
do zielonego,
do zielonego,
do zielonego.
Napotkała myśliweczka
Bardzo szwarnego,
bardzo szwarnego,
bardzo szwarnego.

Gdzie jest ta ulica,
gdzie jest ten dom
Gdzie jest ta dziewczyna,
co kocham ją?
Znalazłem ulicę,
znalazłem dom,
Znalazłem dziewczynę,
co kocham ją.

O mój miły myśliweczku,
bardzom ci rada,
bardzom ci rada,
bardzom ci rada.
Dałabym ci chleba z masłem,
alem go zjadła,
alem go zjadła,
alem go zjadła.

ඉංග්‍රීසි තේරුම මේ අයුරිනි.

A girl walked to the forest,
to the green, green forest. 
There she met a hunter,
a very handsome hunter.

Where is this street, where is this house.
Where is this girl that I love ?
I found the street, I found the house.
I found the girl that I love.

My dear hunter,
I like you very much.
I'd like to give you 
some bread with butter,
But I ate it all.

Where is this street, where is this house.
Where is this girl that I love ?
I found the street, I found the house.
I found the girl that I love.

අහමු ඒ ජන ගීය.

මේ ජන ගීයේ ගැයුම් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබෙනවා. ඒ අතරින් තෝරා ගත් කිහිපයකට යොමුව පහත තියෙනවා.


දැන් අපි "මධුමතී" චිත්‍රපටියේ Dil Tadap Tadap Ke ගීය වෙත යොමුවෙමු. සලීල් මුල් සිලේසියානු ජන ගීයේ නාද මාලාවේ තරමක වෙනස්කම් කළත්, ඔබට හැඟෙනවා මුල් ගීයේ අනුභූතිය එහෙමම තිබෙන බව. තවත් විශේෂ වෙනසක් ලෙස ගීයේ tempo එකද (වේගය) වෙනස් කර තිබෙනවා.

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja

Too nahee toh yeh bahar kya bahar hai
Gul nahee khile ke teraa intejar hai
Too nahee toh yeh bahar kya bahar hai
Gul nahee khile ke teraa intejar hai
Ke teraa intejar hai
Ke teraa intejar hai
Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja

Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

Tum se meree jindagi ka yeh singar hai
Jee rahee hu mai ke mujhko tumse pyar hai
Tum se meree jindagi ka yeh singar hai
Jee rahee hu mai ke mujhko tumse pyar hai
Ke mujhko tumse pyar hai
Ke mujhko tumse pyar hai

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

Muskurate pyar ka asar hai har kahee
Ham kahan hain dil kidhar hai kuchh khabar nahee
Muskurate pyar ka asar hai har kahee
Ham kahan hain dil kidhar hai kuchh khabar nahee
Kidhar hai kuchh khabar nahee
Kidhar hai kuchh khabar nahee

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा

तू नहीं तोह यह बहार क्या बहार है
गुल नहीं खिले के तेरा इंतजार है
तू नहीं तोह यह बहार क्या बहार है
गुल नहीं खिले के तेरा इंतजार है
के तेरा इंतजार है
के तेरा इंतजार है
दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा

दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

तुम से मेरी जिंदगी का यह सिंगर है
जी रही हूँ मई के मुझको तुमसे प्यार है
तुम से मेरी जिंदगी का यह सिंगर है
जी रही हूँ मई के मुझको तुमसे प्यार है
के मुझको तुमसे प्यार है
के मुझको तुमसे प्यार है

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

मुस्कुराते प्यार का असर है हर कहीं
हम कहाँ हैं दिल किधर है कुछ खबर नहीं
मुस्कुराते प्यार का असर है हर कहीं
हम कहाँ हैं दिल किधर है कुछ खबर नहीं
किधर है कुछ खबर नहीं
किधर है कुछ खबर नहीं

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

Singers : Lata Mangeshkar & Mukesh (Chand Mathur Mukesh)
Lyricist : Shailendra (Shankardas Kesarilal)
Music : Salil Chowdhury
Movie : Madhumati
Starring : Dilip Kumar, Vyjayanthimala, Johnny Walker, Pran


හින්දි ගීය අනුකරණය කරමින්, මැක්ස්වල් මෙන්ඩිස් ගැයූ සිංහල ගීයක් තියෙනවා. එයට පෞද්ගලිකව මගේ නම් රුචියක් නෑ. ගී පද අන්තිම කසි කබල්. මහා වෘක්ෂයක් ඉවක් බවක් නැතිව කපනවා වාගෙයි දැණුනෙ.

එසේ වුවත් ඔබේ දැන ගැනීමට එම ගායනය ද මෙහි ගෙන එනවා.

සිල්වියා ද කවුද මන්ද ආවා මං සොයා
හපුයියා වාගෙ හැඩ තියා
කොහෙන්ද ආවා මං සොයා ...//

කොල්ලා වාගෙ කොණ්ඩෙ කපල කලිසමක් ඇඳන්
ඇයි මචං කියාලා ඇහුව මං අනේ ඉතින් ...//
ඇහැව්වා නේ නොදන්න මං මචං හෙමින් හෙමින්

සිල්වියා ද කවුද මන්ද ආවා මං සොයා
හපුයියා වාගෙ හැඩ තියා
කොහෙන්ද ආවා මං සොයා ...//

සින්දුවක් කියන්න ඩාලා සිල්වියා නමින්
එහෙම කිව්වා ඒ හපුයියා ගෑණු කටහඬින් ...//
බලන්න නරලොව හොල්මන්
මේවලු රියල් කොලොප්පන්

සිල්වියා ද කවුද මන්ද ආවා මං සොයා
හපුයියා වාගෙ හැඩ තියා
කොහෙන්ද ආවා මං සොයා ...////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Silwiya Da Kawuda Manda Song Lyrics - සිල්වියා ද කවුද මන්දා ගීතයේ පද පෙළ Silwiya Da Kawuda Manda Song Lyrics - සිල්වියා ද කවුද මන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment