Olu Pipila Song Lyrics - ඕලු පිපීලා ගීතයේ පද පෙළ

Olu Pipila Song Lyrics - ඕලු පිපීලා ගීතයේ පද පෙළ
Song Title : Olu Pipila (ඕලු පිපීලා)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත


ඕලු පිපීලා වෙල ලෙලදෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ
මේ මල් අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ
අන්න මල්ලි මෙහෙ එනවා යමු යමු හනිකට මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Olu Pipila Song Lyrics - ඕලු පිපීලා ගීතයේ පද පෙළ Olu Pipila Song Lyrics - ඕලු පිපීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2021 Rating: 5

0 comments:

Post a Comment