Kurumitto Song Lyrics - කුරුමිට්ටෝ ගීතයේ පද පෙළ

Kurumitto Song Lyrics - කුරුමිට්ටෝ ගීතයේ පද පෙළ
Song Title : Kurumitto (කුරුමිට්ටෝ)
Singing : Gypsies with Sunil Perera


පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කොයි දේසේ ඉදලද එන්නේ – අගහරු ලෝකෙන් අපි එන්නේ
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කලාවේ තියේද නව පෙරලි – අපේ ලොවේ නැ බෙලි කැපිලි
නළු නිලියන් කොහොමද මල්ලි – එහෙ නැ ඇවිදින ඇටසැකිලි
නැටුම් ගැයුම් එහි තියෙනවද – ඔහෙලට වගේ අපිටත් බැරිද
එහෙනම් ගීයක් කියන්වන්ද – කියමු කියමු ඕවත් වැඩද

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

දවසට පැය කියක් වැඩද – අටයි හැබැයි ඒ අටම වැඩ
වර්ජන තර්ජන එහි නැත්ද – අපේ නැ බොරු ගෙරවිලි සද්ද
ගැහැනුන් හට එහි සම තැනද – එයාල ගන්නවා නියම තැන
කැමති නැද්ද මෙහි නවතින්න – සුදුස්සාට නැ සුදුසු තැන
වැඩි දුර විස්තර අහන්නේ නැ – ඇහුවොත් නොකියා යන්නෙත් නැ
දැන්නම් යන්න දෙන්න බැරිය – පිස්සුද අපි යනවා චෙරියෝ

චෙරියෝ චෙරියෝ ලාල් ලාල් ලාල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kurumitto Song Lyrics - කුරුමිට්ටෝ ගීතයේ පද පෙළ Kurumitto Song Lyrics - කුරුමිට්ටෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2021 Rating: 5

0 comments:

Post a Comment