Your Choice Way

අසමෝදගම් [Asamodagam] (Trachyspermum Roxburghianum)

අසමෝදගම් [Asamodagam] (Trachyspermum Roxburghianum) - Your Choice Way
☘️ අසමෝදගම් සෙ.මි 70 දක්වා උසට වැඩෙන බොහෝ අත බෙදීගිය වාර්ෂික පැලෑටියකි. ඒකාන්තරව පිහිටන පත්‍ර ත්‍රි පක්ෂවත් හෝ ඒක-දීවී පක්ෂවත්ය. මෙහි පත්‍ර වලින් සුඳක් වහනය වේ. 

☘️ ඡත්‍රයක හැඩය ගත් පුෂ්පමංජරියක හට ගන්නා කුඩා මල් සුදු පැහැති ය. ඉතා කුඩා ඵලය දුඹුරු පැහැති වන අතර එහි සුවඳැති බීජ පිහිටා ඇත. මෙම ඇට වලින් තයිමෝල් නම් රසායනිකය අඩංගු නිස්සාරකයක් ලබා ගනී. 

☘️ අසමෝදගම් කොළ සලාද ලෙස සකසා ආහායට ගත හැකිය. ඉන්දියාවට දේශීය වන අප රටට හඳුන්වාදුන් ශාකයක් වන අසමෝදගම් Apiaceae කුලයට අයත්ය.

☘️ අසමෝදගම් ඇවිස්සී ගිය සෙම සහ වාතය සමනය කරයි. වේදනාව නසයි. ස්නායු ශක්තිමත් කරයි. හෘදය උත්තේජනය කරයි. කැස්සට ගුණදායකය. මූත්‍රා කාරකයි. කුසගිනි වඩවයි. 

☘️ අසමෝදගම් ස්ප්‍රිතු කුඩා ළමුන්ගේ ආමාශගත වාත රෝග හා අජීර්ණ රෝ ග ආදියට ප්‍රත්‍යක්ෂ බෙහෙතකි. 

☘️ අසමෝගම් ඇට බැද උතුරන වතුරට දමා මඳ වේලාවක් තිබෙන්නට හැර ඉන් ජලය ස්වල්පයක් බීමට දීමෙන් කුඩා ළමුන්ගේ අජීර්ණ රෝග හා පාචනය සුව වේ. 

☘️ ඇස් රෝග, වමනය, ඉක්කා සහ මූත්‍රා රෝග, කෘමි රෝග, බඩවැලේ රෝග, අතීසාර, වාත රෝග, ආමාශයේ අම්ල ගතිය වැඩිවීම හා අජීර්ණ ආදියට වෙනත් ඖෂධ සමග අසමෝදගම් යොදනු ලැබේ.

☘️ අත් බෙ හෙත් ලෙස අජීර්ණයට අසමෝ දගම් හා ඉඟුරු එකට තම්බා බොන්නට දීම, ඉදිමුමට අසමෝදගම් ඇට අඹරා සෑදූ ආලේපය ගෑම, වේදනාවට අසමෝදගම් තෙල් ආලේප කිරීම, ඇදුමට ඇට චූර්ණ කොට එහි දුම උරන්නට දීම හා අසමෝදගම් කොළ සම්බෝලයක් ලෙස අමුවෙන් කෑම ඉතා ගුණදායකය.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක , ඖෂධීය ශාක සංග්‍රහය කෘති සේයාරූ_ අන්තර්ජාලයෙන
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අසමෝදගම් [Asamodagam] (Trachyspermum Roxburghianum) අසමෝදගම් [Asamodagam] (Trachyspermum Roxburghianum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 04, 2021 Rating: 5

0 comments:

Post a Comment