Your Choice Way

අංකෙන්ද [Ankenda] (Acronychia Pedunculata)

අංකෙන්ද [Ankenda] (Acronychia Pedunculata) - Your Choice Way
🌿 අංකෙන්ද සිනිඳු පොත්තක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. 

🌿 ළපටි ශාඛා සිනිඳු හෝ මඳ බූවක් සහිත ය.

🌿 සරල පත්‍ර දිළිසෙන සුලුය. පත්‍ර තලය ඉලිප්සාකාර සිට උප ආයත හෝ උප ආයත අණ්ඩාකාර වේ. 

🌿 අංකෙන්ද කොළ අඹ කොළවලට තරමක් සමාන සුවඳකින් යුක්ත ය. 

🌿 පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු සුදු පාටකි. 

🌿 මල් හට ගැනීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ලෙස සඳහන්ව තිබුන ද, මහනුවර ප්‍රදේශයේ මැයි ජූනි මාසවල ද මල් දැකගත හැකි විය. 

🌿 කහ පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු ඵලය නෙපෙැලෙන ගෝලාකාර අෂ්ටිලයකි. 

🌿 අංකෙන්ද Rutaceae කුලයට අයත් ශාකයකි.

🌿 කැඩුම් බිඳුම්, උපතින් ඇතිවන අස්ථි ආබාධ, ඉදිමුම්, ආමවාතය නිසා ඇති වන සන්දි ඉදිමුම්, තැලීම්, ළදරු රත රෝගය (රත ගාය) ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී අංකෙන්ද කොළ, පොතු, මුල් ආදිය යොදා ගනී.

🌿 ආමවාතය (ආතරයිට්ස්) නිසා ඇතිවන ඉඳුමුම් සඳහා අංකෙන්ද කොළ පොතු භාවිතාකර සාදාගත් පත්තුව ආලේප කරයි. 

🌿 දරුණු තැලීම් ආදිය සිදුවූ විට අංකෙන්ද කැඳ පානය නිර්දේශ කර ඇත. 

🌿 අංකෙන්ද ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන, වණ රොපණය කරන ආදී ගුණ සහිතයි.

🌿 කිතුල් කර්මාන්තයෙදී තෙලිජ්ජ පැසී රා බවට පත්වීම වැලැක්වීමට කොළ ද, පැණි උකු බවට පත්ව වඩාත් ඉක්මනින් ඝන වී වැලි හකුරු බවට පත්වීමට අංකෙන්ද පොතු ද යොදා ගැනේ. 

🌿 ගවයින්ට වැලඳෙන ගෙඩි, තුවාල, ඉඳිමුම් චර්ම රෝග හා කුර ලෙඩ ආදියේ දී කොහොඹ තෙල් හා දෙල් කිරි ආදිය සමඟ අංකෙන්ද ගසේ කොටස්තලා මිරිකා ගත් යුෂ ඔසු වශයෙන් භාවිතා කරන බව සඳහන් වේ.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘති...
අංකෙන්ද [Ankenda] (Acronychia Pedunculata) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අංකෙන්ද [Ankenda] (Acronychia Pedunculata) අංකෙන්ද [Ankenda] (Acronychia Pedunculata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, September 30, 2021 Rating: 5

0 comments:

Post a Comment