Ai Aiyyoo Song Lyrics - අයි අයියෝ ගීතයේ පද පෙළ

Ai Aiyyoo Song Lyrics - අයි අයියෝ ගීතයේ පද පෙළ
Song Title : Ai Aiyyoo (අයි අයියෝ)
Singing : Gypsies with Sunil Perera


දෙමව්පියන්ගේ කීම අසාලා
තියන නිදහසත් අනෙ මම නැති කර ගත්තා
දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා
හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා

අයි…… අයියෝ …මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ

ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලා
තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා
මෙහෙ වැඩ ගොඩ ගැහිලා මං කරදරේ වැටිලා
මීට පස්සේ ලේට් වුනොත් කකුල් කඩනවා

අයි…… අයියෝ …මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ

අනේ පාරේ යන්න බෑ මට තමුසේ එක්කලා
හොරෙන් හොරෙන් ගෑණු දිහා බැල්ම දානවා
චි ලැජ්ජ හිතෙනවා මට කේන්ති යනවා
බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා

අයි…… අයියෝ …මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ

ඔන්න මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා
බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ
මං යන්නම යනවා දික් කසාද වෙනවා
රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ

හා ! යන්න හදනවා …දරු දෙන්නෙක් හදලා
අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා
මේ මේක අහනවා දැන් හිතට ගන්නවා
බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා

අයි…… අයියෝ …මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ
අයි…… අයියෝ …මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ
අයි…… අයියෝ … මගෙ අම්මෝ…
මොකටද මං බැඳ ගත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ai Aiyyoo Song Lyrics - අයි අයියෝ ගීතයේ පද පෙළ Ai Aiyyoo Song Lyrics - අයි අයියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment