I Don't Know Why Song Lyrics - අයි ඩොන්ට් නෝ වයි ගීතයේ පද පෙළ

I Dont Know Why Song Lyrics - අයි ඩොන්ට් නෝ වයි ගීතයේ පද පෙළ
Song Title : I Dont Know Why (අයි ඩොන්ට් නෝ වයි)
Singing : Gypsies with Sunil Perera


කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි
බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි
වැඩේ කලා රටත් කලා
බලන් ඉන්නේ ඇයි
ලංකාවේ ඔහොම තමයි
i dont know why

දිනපුවම මෝරාවගේ මහත් වෙන්නේ ඇයි
පෙරදුනාම හුනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි
හුනා මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි
මැතිඇමතිලා ඕව දන්නේ I dont know why

I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
මැතිඇමතිලා ඕව දන්නේ I dont know
I dont know why

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි
නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි
පෙර කල පවු පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි
දෙයියෝ තමයි ඕව දන්නේ I dont know why

හිතු මතේ බෙදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි
නැකත බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි
ග්‍රහයෝ නීච වෙලා වත්ද එහෙම වෙන්නේ ඇයි
ග්‍රහයෝ තමයි ඕව දන්නේ I dont know why

I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
ග්‍රහයෝ තමි ඕව දන්නේ I dont know why

ඉඩම් කඩම් උකස් තියල ඉගෙන ගන්නේ ඇයි
ඉගෙන ගත්ත වෙඋන් පාරේ හිඟා කන්නේ ඇයි
අනේ නූගත් අය ලොකු පුටු වල රජ කරන්නේ ඇයි
ලංකාවේ ඔහොම තමයි I dont know why

සතුට සොයා පොඩි guest house වලට ගියේ ඇයි
ඒ ගියාම පොලිසියෙන් රේප් කෙරුවේ ඇයි
5 stars හොටෙල් වලට පැනින් නැත්තේ
පොලිස් ලොක්කෝ ඕව දන්නේ
I don’t know why

I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
පොලිස් ලොක්කෝ ඕව දන්නේ I dont know why
I dont know why

එකෙක් එක්ක දීග කන්න කියල කිවුවේ ඇයි
අපේ රජ ගොල්ලෝ අන්තක්පුර දමන් හිටියේ ඇයි
අනේ ඒ විදියට දැන් කොරන්න දෙන්නේ නැතේ ඇයි
ඒ කාලෙනේ ඉන්න තිබ්බේ I don’t know why

ඉදල හිටලා පොඩි අඩියක් ගහන් නැත්තේ ඇයි
බීල බීල තව සමහරු සත්තු වෙන්නේ ඇයි
ගානට අරගෙන මං වගේ ඉන්නේ නැත්තේ ඇයි
මටත් ටිකක් වැඩිද මන්ද I don’t know why

I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම වෙන්නේ ඇයි
මටත් ටිකක් වදිදීද I dont know why

බුදුන් වහන්සේ සාමයේ අගය කිවුවේ ඇයි
ජේසු තුමා සැමට ප්‍රේම කරමු කිවුවේ ඇයි
අනේ ඒ කියලත් අපේ එවුන් මාර ගන්නේ ඇයි
යහ ගුණ ධම් පිරිහිලාද මිනිසුන් වල්මත් වෙලාද
අද දෙවියන් අමතක වෙලාද
එහෙම වෙන්නේ අයී…….I dont know why

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
I Don't Know Why Song Lyrics - අයි ඩොන්ට් නෝ වයි ගීතයේ පද පෙළ I Don't Know Why Song Lyrics - අයි ඩොන්ට් නෝ වයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2021 Rating: 5

0 comments:

Post a Comment