Sinhala All Time Hits Song Lyrics - සිංහල All Time Hits ගීතයේ පද පෙළ

Sinhala All Time Hits Song Lyrics - සිංහල  All Time Hits ගීතයේ පද පෙළ
Song Title : Sinhala All Time Hits (සිංහල  All Time Hits)
Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
Live Mix : Chamith Perera
Light Engineers : Amila Costha & Angel Cooray
Videography by Newsmakers ( Sandev Hettiwatte , Chandula Perera )
Band Manager : Jagath Jayawardena
Project Coordinator : Sathsara Senanayake


දවසක්දා
හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ
ඒ් ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා

රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ

ලාදළු දෙතොල්
හසරැළි මට වෙළී
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ.
සිතකින් නොවේ කිසිදා
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙනයමි ඔබේ ආදරේ
ආදරේ

දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා

ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමී ජීවිතේ පාලු මකා
මල් මල් මාවතේ ආදර රන්ළඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්

කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම
හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්
හොරෙන් හොරෙන් මදෙස බලනවා
වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
වරින් වරේ කැලුම් ගේනවා

සිත බැඳුනට කුසුමිට
මගෙ සිත ඇය ලඟ නෑ
රැඳෙන්නෑ
අපි හිතුවට කිසිදින
හිත එක තැන තියෙන්නෑ
තියෙන්නෑ

හද පතුලේ මගෙ සිත ඇතුලේ
ඔබ පමනය මට ඉන්නේ

දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ

දුණුකේ මල් යායේ
සැංගී සැන්දෑවේ
නෙතගින් පැවසූ ඒ ආදරේ
සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ
සිත මගෙ පුබුදාවී රෑ දිවේ

ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ

ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ

උදා ගිරෙන් හිරැ පායා
සඳු දැකගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි
අවර ගිරෙන් සැඟවී

හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
ඔබයි මමයි මමයි ඔබයි
හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ
ඔබයි මමයි මමයි ඔබයි
හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ

ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
මා එතනයි ජීවත්වී ඉන්නේ

රන්වන් වත බැබලෙන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

Renu Renu Mal Mite
Artist : Rookantha Gunathilaka 
Music : Rookantha Gunathilake
Lyrics : Rookantha Gunathilake

Ratakin Eha
Original Singer : Priya Sooriyasena
Lyrics : Premakeerthi de Alwis
Melody : Clarence Wijewardene

Lassana Lokaye
Artist : Gypsies 
Music : Gypsies
Lyrics : Ananda Padmasiri 

Kirilli Ran Kirilli
Artist : Desmond de Silva
Lyrics : Premakeerthi De Alwis
Music : Stanley Peris

Kusumi latha Renu Latha
Artist : Greshan Jayamaha
Lyrics : Rookantha Gunathilaka 
Music : Rookantha Gunathilaka 

Lassana Gammane
Artist : Marwin Mihidhukula
Lyrics : Sunil Yogendra
Music : Nalin Perera 

Hiru Gilila
Artist : Chandralekha Perera
Lyrics : Sarath C.Fernando
Music : Rookantha Gunathilaka 

Ran Wan Watha
Artist : M. S. Fernando
Lyrics : Karunarathna Abeysekara
Melody : S. Sanmugam

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala All Time Hits Song Lyrics - සිංහල All Time Hits ගීතයේ පද පෙළ Sinhala All Time Hits Song Lyrics - සිංහල  All Time Hits ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment