Sathara Watin Kalu Karagena Song Lyrics - සතර වටින් කළු කරගෙන ගීතයේ පද පෙළ

Sathara Watin Kalu Karagena Song Lyrics - සතර වටින් කළු කරගෙන ගීතයේ පද පෙළ
Song Title : Sathara Watin Kalu Karagena (සතර වටින් කළු කරගෙන)
ගායනය : සුජාතා අත්තනායක / ස්ටැන්ලි පීරිස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්


සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ

එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ //
දෙතොල නැගේ සිනහා නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ

එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ //
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathara Watin Kalu Karagena Song Lyrics - සතර වටින් කළු කරගෙන ගීතයේ පද පෙළ Sathara Watin Kalu Karagena Song Lyrics - සතර වටින් කළු කරගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2021 Rating: 5

0 comments:

Post a Comment