රත්මල් ගැන අපි නොදන්න දේ 😮🌿 (Rathmal)

රත්මල් ගැන අපි නොදන්න දේ 😮🌿 (Rathmal) - Your Choice Way
✅ මෙම රත්මල් යනු අප ජන සමාජයේ බොහෝ ලෙස භාවිතයට ගැනුණු ඖෂධීය ශාකයකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඇතිවන රක්ත රෝගයන්හිදී රත්මල් උපයෝගී කරගත් අවස්ථා බොහෝය. බිළිඳු දරුවාට ඇතිවන රෝග එසේ නැත්නම් රතගාය වැනි රෝගවලදී ප්‍රතිකාර සඳහා රත්මල් නැතිවම බැරිය.

🌿 ඊට අමතරව අක්ෂි රෝග වලදී ද රත් මල් තැම්බූ වතුරින් සේදීම අතීතයේ සිටම සිදුකෙරන ප්‍රතිකාර විධියකි. 

🌿 තවද රුධිරය දූෂිත වීම නිසා හටගැනෙන චර්ම රෝගවලදී පානයට මෙන්ම තුවාල සේදීම සඳහා ද රත්මල් පොහොට්ටු මෙන්ම පොතු ද යොදා ගැනේ. 

🌿 විශේෂයෙන් කාන්තාවන්ට වැළඳෙන රෝග සඳහා ද, දරුඵල ප්‍රමාද වන කාන්තාවන් සඳහා ද, ගර්භාෂගත රෝග ඇති අය සඳහා ද රත්මල් පානය ඉතාම වැදගත් වේ.

🌿 සාමාන්‍ය ජන ජීවිතයේ දී ඇතැම් පිරිස් චර්ම රෝග, සන්ධි රෝග, හිසේ රෝග ආදිය ඇතිවීමට ග්‍රහ බලපෑම් ද හේතුවන බව විශ්වාස කරති. එහිදී විශේෂයෙන් කුජ ග්‍රහයාගේ බලපෑම මෙම රුධිරයේ විකෘතිතා වලට හේතු වන බව විශ්වාස කෙරේ. මෙහිදී යොදා ගැනෙන ප්‍රධාන පූජා ද්‍රව්‍යයක් ලෙස ‍රත්මල් නම් කළ හැකිය. බෝධි පූජාවේ සිට ග්‍රහ, දේව, ශාන්තිකර්ම සඳහා ද රත්මල් උපයෝගී වේ. විශේෂයෙන් බලි ශාන්තිකර්මයේ සිට විවිධ ශාන්තිකර්ම දක්වා රත්මල් යොදා ගැනීම දැකිය හැකි වේ.

🌿 අතීතයේදී ගැමියෝ බුලත් විට හපන විට මිදුලේ ඇති රත්මල් පොහොට්ටුවක් එම බුලත් විටට එකතු කර ගැනීමට පුරුදුව සිටියහ. මේ නිසාම ඔවුන්ට වැළඳෙන හකු පිළිකා, මුඛ පිළිකා ආදියෙන් මිදීමට හැකියාව ලැබිණි. මන්දයත් දේශීය චිකිත්සාවේදී මුඛ පිළිකා, හකු පිළිකා ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී රත්මල් ප්‍රධාන ඖෂධයක් වන හෙයිනි.

🌿 බිළිඳුන්ට වැළඳෙන රත රෝගයේදී අරළු, ලුණුවිල, රත්මල්, වදමල් තැම්බූ වතුර පානයට මෙන්ම දරුවා නැහැවීමට ද එම ජලය භාවිතා විණි. අලුත උපන් බිළිඳා නෑවීමට රත්මල් සමඟ පොකුරුවද, වෙනිවැල්ගැට, අමුකහ හොඳින් තම්බාගෙන පසුව අමුකහ කැබැල්ලක් මදක් තලා එම වතුරටම දමාගන්නා ලදී. ඉන්පසු මෙම ජලය නිවෙන්නට හැර බිළිඳා නෑවීමට යොදාගත්හ.

🌿 මෙම ඖෂධීය ජලයෙන් බිළිඳා නෑවීමෙන් පසු බිළිඳු සමයේදී ඇතිවන රක්‍තදෝෂ තත්වය මුළුමනින්ම මඟහැරී ගිය අතර කුඩා අවධියේදී සම ආශ්‍රිතව ඇතිවිය හැකි ආසාත්මිකතා තත්වයන් හටගැනීමද වැළකිනි.

🌿 වර්තමානයේ අපට වැළඳෙන බොහෝ රෝගවලට මෙම රුධිරය දූෂිත වීම හේතුවේ. අතීතයේ දී නම් බොහෝ විට වසරකට වරක්වත් ලෙය පිරිසිදු කරගැනීම සඳහා විරේක කර්මයක් සිදුකර ගැනීම සිදුවිය. නමුත් වර්තමානය වන විට එය සිදුනොවේ. බොහෝ අය ගෙමිදුලේ රත්මල් ගස් වවා ගැනීමට අකමැති වුවත් ගෙවත්තේ කොනක එම ගසක් වවා ගැනීම ඉතාමත් වැදගත් වේ.

🌿 රත්මල් වේලාගෙන තේ මෙන් පානය කිරීමෙන් මෙම රුධිර විකෘතිතා බොහොමයක් මඟහරවා ගත හැකි වන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ද වර්ධනය වේ. මේ හේතුව නිසා අපට වැළඳෙන්නා වූ බොහෝ රෝග වලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

✅ 🤔අද වන විට විසිතුරු මල් පැළෑටි ලෙස නවීකරණය කරන ලද රත්මල් ප්‍රභේද රාශියක් ඇති නිසා නිවැරැදි රත්මල් ශාකය කුමක්දැයි යන්න ඔබට එකවිට හඳුනාගැනීමට නොහැකි වේවි. ශාකයේ පත්‍ර වල හැඩය, ශාකයේ උස, හටගන්නා බීජ හා හටගන්නා මල්වල හැඩය අනුව ඔබට මෙම නිවැරැදි රත්මල් ශාකය අනෙත් විසිතුරු ශාක වලින් වෙන්කර හඳුනාගත හැකි වෙයි.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රත්මල් ගැන අපි නොදන්න දේ 😮🌿 (Rathmal) රත්මල් ගැන අපි නොදන්න දේ 😮🌿 (Rathmal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2021 Rating: 5

0 comments:

Post a Comment