"රම්පෙ" පිළිකාකාරකයක් වන ආකාරය 🤔😮 (Rampe)

රම්පෙ පිළිකාකාරකයක් වන ආකාරය 🤔😮 (Rampe) - Your Choice Way

👉ඔබත් එදිනෙදා මුළුතැන්ගෙහි කටයුතු වලදී "රම්පෙ"භාවිත කරනාවානම් අනිවාර්‍යයෙන් දැනුවත් වන්න....

01. "රම්පෙ" පිළිබඳව හැදින්වීමක්.
✅ ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දිය හැක . . . .

✅ සහල්වල පවතින දුර්ගන්දය නැති කර ගැනීමට සහ ආහාර රුචිය වඩවන සුවඳක් බතට එකතු කර ගැනීමට බොහෝමයක් නිවාස වල බත් මුට්ටියට "රම්පෙ" කොළ කැබැල්ලක් එකතුකර ගනී. තවද ආහාර වර්ග තෙම්පරාදු කර ගැනීමේදී ආහාර රුචිය හා සුවඳ තවදුරටත් වර්ධනය කරගැනීමට "රම්පෙ" වැඩි වශයෙන් යොදා ගනී.

✅ විෂ වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසා පාරම්පරික හෙළ වෙදකමේදීත් "රම්පෙ" ඖෂධ ලෙස යොදා ගනී.

02. "රම්පෙ" වල ආවේණික ගුණාංග.
(i). රස කාරකයකි .
(ii). සුවඳ කාරකයකි.
(iii). විෂ වර්ග අවශෝෂකයකි.

03. "රම්පෙ" වගා කර ඇති ආකාරය.
✅ වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාස වල "රම්පෙ" පඳුරක් වගා කර තිබීම සුලබව දැකිය හැක. තවදුරටත් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් බවයි.

04. "රම්පෙ" පිළිකාකාරකයක් වන ආකාරය.
✅ අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ "රම්පෙ" පරිභෝජනය කිරීම  එතරම් ගැටළුවක් නොවුනත් වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම  බලපෑම් කරන කාරනයක් බවට පත්වී හමාරය.

✅ මෙයට හේතු වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීමයි. එම විෂ සහිත සංයෝග පහත ආකාර වලට නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙයි.
(i) භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ග වලින්.

(ii) භාවිත කරනු විවිධ ෂැම්පු වර්ග වලින්.

(iii) හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්.

(iv) සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපන.

(v) පිරිසිදු කිරීමට යොදාගන්නා පිරිසිදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය.

✅ ඔබ නොදැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ රසායනික සංයෝග අන්තර්ගත වේ. මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවාගේ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ ද අන්තර්ගත වේ.

✅ රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ . . . . 

✅ එම නිසා නිවසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු  ජලයෙන් පමණක් පෝෂණය කරන්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
"රම්පෙ" පිළිකාකාරකයක් වන ආකාරය 🤔😮 (Rampe) "රම්පෙ" පිළිකාකාරකයක් වන ආකාරය 🤔😮 (Rampe) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2021 Rating: 5

0 comments:

Post a Comment