Rahasak Song Lyrics - රහසක් ගීතයේ පද පෙළ

Rahasak Song Lyrics - රහසක් ගීතයේ පද පෙළ
Song Title : Rahasak (රහසක්)
Artist : #HarshadIbrahim Ft. Harry Harsh
Lyrics : Prasanna Kumara Dammalage
Music : Hashan Thilina
Video Director : Thiwanka Mihiran
Production: #EvokeMusic


දිලිසී දිලීසී – හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී – ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

ලස්සන – හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම – මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර

රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තව කොහොමද
ගණංකාර කම් පෑවට...

කෙල්ල මට උඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බඳිමුද අද හෙට ගෙළවට තැල්ල...

ගස්සන – ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන – සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන

රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahasak Song Lyrics - රහසක් ගීතයේ පද පෙළ Rahasak Song Lyrics - රහසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2021 Rating: 5

0 comments:

Post a Comment