Obage Sewane Song Lyrics - ඔබගෙ සෙවනේ ගීතයේ පද පෙළ

සිංදු පොත,Neela Wickramasinghe,නීලා වික්‍රමසිංහ මහත්මිය
Song Title : Obage Sewane (ඔබගෙ සෙවනේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
තනුව : රෝහණ වීරසිංහ
පද : කුලරත්න ආරියවංශ


ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා

දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා

සිහිලෙන් ගිමන් නිවන
සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා

ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obage Sewane Song Lyrics - ඔබගෙ සෙවනේ ගීතයේ පද පෙළ Obage Sewane Song Lyrics - ඔබගෙ සෙවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2021 Rating: 5

0 comments:

Post a Comment