Me Awanhale Song Lyrics - මේ අවන්හලේ ගීතයේ පද පෙළ

Me Awanhale Song Lyrics - මේ අවන්හලේ ගීතයේ පද පෙළ
Song Title : Me Awanhale (මේ අවන්හලේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නිමල් මෙන්ඩිස්
ගී පද : කරුණාරත්න අබේසේකර


මේ අවන්හලේ සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා
රඟන්නෙමි

මා ඔබ වගේම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමි

ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ
නොලන්නෙමි

කවන්න පොවන්න රකින්න
කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න
කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න
කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා
රඟන්නෙමි

කවන්න පොවන්න රකින්න
කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න
කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න
කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මා ලවන් දැලේ බිඟුන් මුලා වී
රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා

මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Awanhale Song Lyrics - මේ අවන්හලේ ගීතයේ පද පෙළ Me Awanhale Song Lyrics - මේ අවන්හලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2021 Rating: 5

0 comments:

Post a Comment