Malen Upan Samanali Song Lyrics - මලෙන් උපන් සමනළී ගීතයේ පද පෙළ

Song Title : Malen Upan Samanali (මලෙන් උපන් සමනළී)
Artist : Raween Kanishka / Nuwandhika Senarathne
Lyrics : Gihan Chamika
Melody : Nimesh Kulasighe 
Music : Chathurangana De Silva
Choreography : Tharanga Harsha Kumara


මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

මුලා වෙන්න එපා ඔන්න
මේ පාරේ පියාඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහනපුරන් එකතු වෙලා
නපුරුකමක් කලදෝ
මගෙන් ඔබට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනා නේ
ලොවම කතා වුනාවේ
ලගම සොදුරු ඔයානේ

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුනී
හිතේ තැනක් රිදුනොතින්
තුරුලට එන්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ලගින් ඉන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ වාගේ
දෑස් ලගම ඉන්නකෝ
රිදෙන තැනදි ඔය වාගේ
ආදරේම දෙන්නකෝ

ලොවම එරෙහි උනාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොලේ ඔයාගේ
කම්මුල් මල් තලාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malen Upan Samanali Song Lyrics - මලෙන් උපන් සමනළී ගීතයේ පද පෙළ Malen Upan Samanali Song Lyrics - මලෙන් උපන් සමනළී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2021 Rating: 5

0 comments:

Post a Comment