සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa)

සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa) - Your Choice Way

සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa) - Your Choice Way

සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa) - Your Choice Way

ශ්‍රී ලංකාවේ මුල් ම කථානාද (ඇසි දිසි) සිංහල චිත‍්‍රපටය හැටියට හඳුන්වනු ලබන්නේ "කඩවුණු පොරොන්දුව" යි. මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කළේ 1947 ජනවාරි 21 වැනි දින දීය.

එහි ඇතුලත් වූ ගීත සංඛ්‍යාව 12 කි. මින් 10 ක් පමණක් තැටිගත කර ඇත. එම මුල් ගී ‍අද අපට අසන්නට ලැබෙන්නේ ඉතා දුර්වල හඬ තත්වයන් ගෙනි.

1983 ජූලි ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා (කළු ජූලි සමය) නිසා, මෙම චිත්‍රපටියේ පිටපත් ගබඩා කර තිබූ හැඳල විජය චිත්‍රාගාරය (කේ. ගුණරත්නම් සතු) ගිණි තබා විනාශ කළ බව සඳහන් වෙනවා.

මුල් ම සිංහල චිත‍්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” නිපදවෙන්නෙ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එකී නමින් වූ නාට්‍යය ඇසුරු කරගෙන. චිත‍්‍රපටයේ නාමාවලිය දිගහැරෙන්නෙ එහි නිෂ්පාදනය (නිෂ්පාදනය - සුන්දරපිල්ලෙයි මධුර නායගම්) වෙනුවෙන් දායක වූ පිරිසට ප්‍රශංසාව ද සහිතව ගැයෙන මේ ගීයෙන්.

ශ්‍රි ජය විජය සිරින් පිරි
අප සිරි ලංකා මාතා ලෝ කුසේ…//

සිංහල ජාතිය කීර්ති ධජා
නංවා දිනෙවා නිතරා…//

සිරි ලංකා මීගමු දියණී
දරු පෙම් දුලා
මිනර්වා කැළා…//

එස් එම් නායගම් මැතිඳා
ගුණ කරුණා ධා‍රේනා…//

චිත්‍ර කලා කැළ ඒ
චිත්‍ර කළා මෙ ර‍ඟේ
ලියලා
තොසිනා
රඟනා
දෝ සැම ඒ දුරලා

ප්‍රීතිය වේවා සැමා
දෝ සැම ඒ දුරලා
ප්‍රීතිය වේවා සැමා

ගායනය : මිනර්වා ගායක කණ්ඩායම
(මේ ගීයේ හා "කඩවුණු පොරොන්දුව" චිත‍්‍රපටයේ සියළුම ගී වල තනු භාරතයේ ගැයුණු ගී වලින් උපුටා ගත් ඒවාය. දැනට තොරතුරු තහවුරු කරගෙන ඇති, තනුව අයත් මුල් ගී වෙතොත්, ඒවා පමණක්, ඒ ඒ ගීය යටතේ ඉදිරිපත් කිරීම සිදු වනවා ඇත.)

සටහන
මෙම ගීය සිංහල සිනමා වංශ කතාවේ, ප්‍රථම කතානාද චිත්‍රපටියේ, ප්‍රථම ගීය ලෙස වාර්තා ගත වේ. ගීය මිනර්වා ගායක කණ්ඩායම ගායනා කළ ද, එහි ඉස්මතුව ඇසෙන හඬ රුක්මණී දේවිගේය. එහෙයින් ඇය සිංහල චිත්‍රපටියකට ගී ගැයූ ප්‍රථම කාන්තාව ද වන්නීය.

පසු කාලයක ආචාර්ය නන්දා මාලිනී විසින් තම ශිෂ්‍ය කැල සමග මේ ගීය ගයන්නට යෙදුණා. 

ප්‍රේම දයා ගීය

ප්‍රේම දයා මාගෙ පියාණෝ ....
අයියෝ ගියා අප දාලා ලෝකේ
ප්‍රේම දයා

ඔබගෙ තිබුණ ප්‍රේමේ
සිහි වෙනවා රෑ දවාලේ…//
වාමි කෝම සෝකේ ලෝකේ
ප්‍රේම දයා

සැප හිරු බැස ගියා
අඳුර මතුවි ලෝකේ සෝකේ
කාගේ පාපේ මාගෙ පියාට හිමි වුණේ
දේවනේ
අයියෝ මගේ පියතුමා

ප්‍රේම දයා මා
මාගේ පියා

ගායනය : රුක්මනී දේවි  (රංජනී) 
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු  
සංගීතය : ආර්. නාරායන් අයියර්

ළපටි රූපෙ ඈගේ ගීය

ජොසී, ඔය පාරෙ කාර් බස් එනව තේරුණ‍ාද? පාරෙ මැද්දට වෙලා පලයන් ජොසී. මෙයා නම් කවදාවත් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. සුර ලොවෙන් ආපු හොල්මනක් මගෙ අම්මා

ළපටි රූපෙ ඈගේ
ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ…//

ළපටි රූපෙ ඈගේ
මෙතනට විත් පැන්නා මා නිකම්ම ගල් ගැහුණා
සැරවී මට රැව්වා නුමුත් එක්ක යන්ඩ හිතුණා
මට වඩා ගන්න හිතුණා

මටම ඔබින රූපේ
මට බැන්නා මම රැව්වා
මාගේ තරමට උස හොඳා
මටම ඔබින රූපේ
මාගේ තරමට උස හොඳා
ආදරේ මගෙ කෑදරේ…//
උඩ පැන පැන මාව දාලා පැනල දිව්වා වේගේ…//
ළපටි රූපෙ ඈගේ
පැනල දිව්වා වේගේ

ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ

ගායනය : එඩී ජයමාන්න
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

සන්ධ්‍යාවෙ ශ්‍රීය ගීය

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//

අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා
නෙත් පිනන්නා

අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා
වැළඳ ගන්නා

සූර්යා ද අපට ඉඟි බිඟි පානා
හකුලා ධාරා…//
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා
ගිම් නිවන්නා

දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා
වෙහෙස වීලා

අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා
රශ්මි ධාරා

සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

ගංගා සැමා
යයි ගලා සාගරේ වෙතා…//

එ ජල කඳා
ගනි වැළඳා සමුදුරේ වැදා

පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා

පෙම් ජලේ ගැලීලා
නාමු ‍ප්‍රේම ධාරා

ඒ ඉතා වේ ප්‍රියා

ගායනය : රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

1944 දී තිරගත වූ "Rattan" හින්දි චිත්‍රපටියේ "Pardeshi Balma Badal Aaya" ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.

"Rattan" හින්දි චිත්‍රපටියේ "Pardeshi Balma Badal Aaya" ගීය

pardeshi balma badal aaya
pardeshi balma badal aaya
tere bin kachhu na bhaya ke jiya jaya
tere bin kachhu na bhaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

aise na beet jae balam jawaniya ho jawaniya
aavo tumhe sunae dil ki kahaniya ho kahaniya
dil raat din pukare haye aa ke jiya jaya
dil raat din pukare haye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

nain bhar aayenge more jiya dole na ho dole na
bhul hai kisi se kabhi metha bol bolna bol bolna
rah rah ke teri yaad aaye aa ke jiya jaya
rah rah ke teri yaad aaye aa ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

garaj rahe badalwa bijali muskat hai muskat hai
aise me ruth ruth jana buri baat hai buri baat hai
fisle ye jiya tal malaya ke jiya jaya
fisle ye jiya tal malaya ke jiya jaya
pardeshi balma badal aaya
pardeshi balma badal aaya

परदेशी बाल्मा बादल आया
परदेशी बाल्मा बादल आया
तेरे बिन कछु न भय के जिया जय
तेरे बिन कछु न भय के जिया जय
परदेशी बाल्मा बादल आया
परदेशी बाल्मा बादल आया

ऐसे न बीट जाए बलम जवानिया हो जवानिया
आओ तुम्हारे सुना दिल की कहानी हो कहानी
दिल रात दिन पुकारे आ के जिया जया
दिल रात दिन पुकारे आ के जिया जया
परदेशी बाल्मा बादल आया
परदेशी बाल्मा बादल आया

नैन भर आएंगे अधिक जिया डोले ना हो डोले ना
भूल है किसी से कभी मीठा बोल बोलना बोलना
राह रह ​​के तेरी याद आए आ के जिया जय
राह रह ​​के तेरी याद आए आ के जिया जय
परदेशी बाल्मा बादल आया
परदेशी बाल्मा बादल आया

गराज रहे बदलवा बिजली मस्कट है मस्कट है
ऐसा मुझे रूथ जाना बुरी बात है बुरी बात है
फाइले ये जिया ताल मलाया के जिया जया
फाइले ये जिया ताल मलाया के जिया जया
परदेशी बाल्मा बादल आया
परदेशी बाल्मा बादल आया

Singer : Zohrabai Ambalewali
Lyricist : D.N. Madhok
Composer : Naushad Ali
Movie : Rattan (1944)


ඉස් ඉස්සරවෙලා ගීය

ඉස් ඉස්සරවෙලා උඹව මම
දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//

දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ
උඹත් ආදරෙ ද දැම්මම කියපන්

ඇයි මේ මාර්ගෙ කොලොප්පන්
ලැජ්ජා නැද්දෝ මනප්පු අයියේ…//

මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ

පාරේ මේ මිනිස්සු එනවා
මම දැන් යනවා මනප්පු අයියේ…//

ඉතින් උඹට බෑ

ඉතින් උඹට බෑ තනි මග යන්නට

තනියට එනවා මනප්පුවා…//

කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට
පාරේ යාමට මට කිසි බය නෑ…//

මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ
පස්සට යන කල හිතා ගමු…//

පස්සට යන කල හිතා ගමු
අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//

ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

පාපේ ශාපේ දෝ ගීය

පාපේ ශාපේ දෝ මේ මා...............ගේ

ප්‍රේමිය, නුඹගේ සුන්දර ඡායාව දකින විට, ජීවිතේ නමැති කුරුසියේ බර, මට ඉතා සැහැල්ලුය.

ලෝකයේ මගෙ ආනන්ද රූපා…//
මා හද දිණු යස ප්‍රේමී
කෝමල රූ ශ්‍රී දේ සුරංගී

සුගුණ ලලන මා සුහද පිනවනා…//
ආදර ප්‍රේමිය රූපාංගී

ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී

සෝක නොවන් මා ප්‍රේම සමින්දා…//

ප්‍රීති උදාවේ ශෝක මැකී…//
අප ප්‍රේමය මතු දේ ශාන්තී
සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා //
සුරනා රැක දේවා ශාන්තී

ගායනය  : රුක්මනී දේවි ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

1938 දී තිරගත වූ "Street Singer" හින්දි චිත්‍රපටියේ "Preetam Se Preet" ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.

"Street Singer" හින්දි චිත්‍රපටියේ "Preetam Se Preet" ගීය

Preetam se preet nibhaaungi
Woh to hain mere
Man mein samaaye
Woh to hain mere
Man mein samaaye
Main bhi unmein samaaungi
Paa kar unko kho jaaungi
Nagar-nagar aur dagar-dagar
Saajan ko dhoondan jaaungi
Nagar-nagar aur dagar-dagar
Saajan ko dhoondan jaaungi
Preetam se preet nibhaaungi
Preetam se preet nibhaaungi

Le ke kamandal
Chhod ke mandal
Le ke kamandal
Chhod ke mandal
Raaj-paat ko taj doongi
Sab kho kar unko paaungi
Raaj-paat ko taj doongi
Sab kho kar unko paaungi

Nagar-nagar aur dagar-dagar
Saajan ko dhoondan jaaungi
Nagar-nagar aur dagar-dagar
Saajan ko dhoondan jaaungi
Preetam se preet nibhaaungi

प्रीतम से प्रीत निभाऊँगी
वह तो हैं मेरे
मन में समाए
वह तो हैं मेरे
मन में समाए
मैं भी उनमें समाऊँगी
पा कर उनको खो जाउंगी
नगर-नगर और डगर-डगर
साजन को ढूंडन जाउंगी
नगर-नगर और डगर-डगर
साजन को ढूंडन जाउंगी
प्रीतम से प्रीत निभाऊँगी
प्रीतम से प्रीत निभाऊँगी

ले के कमण्डल
छोड़ के मंडल
ले के कमण्डल
छोड़ के मंडल
राज-पाट को ताज दूँगी
सब खो कर उनको पाउंगी
राज-पाट को ताज दूँगी
सब खो कर उनको पाउंगी

नगर-नगर और डगर-डगर
साजन को ढूंडन जाउंगी
नगर-नगर और डगर-डगर
साजन को ढूंडन जाउंगी
प्रीतम से प्रीत निभाऊँगी

Singer : Kanan Devi
Lyricist : Arzoo Lakhnavi
Composer : Rai Chand Boral
Movie : Street Singer 1938

මගේ සක බඹරේ ගීය

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ…//

නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ
කුසුමා පරවෙලා වැටේ

ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ
අනේ නෑ රිද්දන්නේ

නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ
කුසුමා පරවෙලා වැටේ

ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ
අනේ නෑ රිද්දන්නේ

ප්‍රේමයෙන් වෙලී සිටියොත් දෝස නෑ අනේ…//

ප්‍රේමෙ අපේ දිවි ඇති තෙක් නෑ මැකී යන්නේ…//

සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා
ඔබයි කැරකෙන බඹරා

ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්


තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුණා ගීය

තක්කිට තරිකිට උඩ පැන නටන්ඩ හිතුණා
නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ට හිතුණා…//

කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නෙ කකුල් දෙකෙන්…//
ගෑණුන් රවටන්ඩ පිරිමි ඇයි ද නොදන්නේ //

මී මැස්සා රොන් හොයනව…//
ජොසී ළඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව
ජොසී ළඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව

නෝනගෙ ආලේ ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…//

වැස්සට පින්නට තෙමි තෙමි
රෑ දාවල් නින්ද නැතිව…//
කෙළ හළ හළ බැඳපු ආලෙ රත්තරන් වගේ //

නෝනගෙ ආලේ
ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

නෝනගෙ ආලේ
ගේ මැද සාලේ
දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

ගායනය : එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

ජීවිතයේ සාමේ

ජීවිතයේ සාමේ
දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා
ජීවිතයේ සාමේ
දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා
ජීවිතයේ සාමේ

දනා ප්‍රියවෙනා ගීතේනා..//
සෑමා, දනා ප්‍රියවෙනා ගීතේනා
සෑමා දුක සින්දා
ජීවිතයේ සාමේ
දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා
ජීවිතයේ සාමේ

ගීතේනා,
සංගීතෙනා පිනවනා, නාදේ

නදන ගීතෙනා පිනවනා, නාදේ

දෙව් ලොව ශ්‍රී සුර සැමා ප්‍රීති සංගීතෙනා
පිනවනා නාදේ ...//
පිනන සැම ලෝ දනා රන්ජනා

සතුරු ඒ මිතුරු වේ සැමා
මධුර වේ අමා ලෝකේ

ප්‍රේමයෙ ආහාරේ
වේ මේ ගීතේ රම්‍යා
ගීතේ සාරා ප්‍රේමයෙ ආහාරේ

ගායනය : රුක්මනී දේවි
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්

යාමි ඉන්දියා දෙසටා

යාමි ඉන්දියා
දෙසටා

යාමි ඉන්දියා
ආ…නන්ද වේ

දෙසටා
යාමි ඉන්දියා
ආ…නන්ද වේ

සිත මා, ප්‍රේමාවන් දිනේ……//

යමුනා ගංතෙරා බැසා
ප්‍රේමා පානා ලෙසිනා……//

සිත මා ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා
ලා ලා ලා ලා හා හහා හා හහා

ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල්, ලෝකේ….//

ප්‍රේමා
සැමදා අප පෙම් දාමා

සැමදා අප පෙම් දාමා
සෝබා කාන්ති දේවා

දෙසටා
යාමි ඉන්දියා
ආ…නන්ද වේ

දෙසටා
යාමි ඉන්දියා

ගායනය : රුක්මනී දේවි
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa) සිංහල චිත්‍රපටි ගී 1 - කඩවුණු පොරොන්දුව (Sinhala Gee - Kadawunu Poronduwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2021 Rating: 5

0 comments:

Post a Comment