වද මලේ ඖෂධීය වටිනාකම පිළිබද ඔබ දැනුවත්ද? (Wada Mala [Hibiscus])

වද මලේ ඖෂධීය වටිනාකම පිළිබද ඔබ දැනුවත්ද? (Wada Mala [Hibiscus]) - Your Choice Way
⭕ ඔබේ ගෙවත්තේ, තවත් විටක වැට මායිමක, එසේත් නැත්නම් ඔබ එදිනෙදා ගමන් කරන මාවත දෙපස ඕනෑතරම් මල් පිපී ඇති පිපී වැනෙන සුන්දර මල් අතර අලංකාරය  වඩාත් ඔප්නංවන නේක වර්ණයන්ගෙන් යුත්  වද මල් ද ඕනෑතරම් ඔබේ නෙත ගැටෙන්නට ඇති. එහෙත් බාහිර සුන්දරත්වය මෙන්ම, ඔබේ එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු බොහෝමයකට ස්ථිරසාර විසඳුම් ලබාදීමට හැකියාව ඇති විශ්වකර්ම ගුණයක් මේ සුන්දර මලෙහි සහ ශාකයෙහි ඇති බව ඔබ මොහොතකටවත් සිතුවාද?

⭕ වද මලෙහි වතගොත
වද ශාකය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වන්නේ Hibiscus යන නාමයෙනි. විවිධ විශේෂතා අනුව  Rose mallow, Hardy hibiscus, Rose of sharon සහ  Tropical hibiscus ලෙස ඊට ව්‍යවහාර නාම භාවිත කරයි. වද මල හයිටි රාජ්‍යයේ ජාතික සංකේතය වන අතර මැලේසියාවේ සහ සොලමන් දූපත්වල ජාතික පුෂ්පය ලෙසද සැලකේ. ඉන්දියාවේ දෙවියන් අදහන ජනතාව එය දුර්ගා දෙවියන්ට පුද පූජා කිරීමේදී සුවිශේෂී පූජනීය පුෂ්පයක් ලෙස සලකයි.

ලොවපුරා මිලියන ගණන් ජනතාව, තම එදිනෙදා ජීවිතයේදී වද මල් වලින් ලබන ප්‍රයෝජන ඉමහත් බව සමහරවිට ඔබ නොදන්නවා විය හැකි ය. ඇතැම්  රටවල් වල ජනතාව වදමල් යොදා සකස්කරගන්නා  ජෑම්, සෝස් සහ වද පැණි තමන්ගේ දෛනික ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කරගෙන ඇත. විශේෂයෙන්ම  වදමල් භාවිතයෙන් සකසා ගන්නා බීම වර්ග ලොව පුරා ඉතා ප්‍රසිද්ධව ඇත්තේ එහි පවතින සුවිශේෂී ඖෂධීය ගුණයන්  නිසාය.

එය ශාක ලෝකයේ වර්ගීකරණයට අනුව Hibisceae නම් ගෝත්‍රයට සහ Hibiscus නමැති කුලයට අයත් වේ. උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට ලොවපුරා එකිනෙකට වෙනස් වද විශේෂයන් හයසියයකට අධික ප්‍රමාණයක් පවතී. වද ශාකය වඩාත් හොඳින් ස්වභාවිකව වැවෙන්නේ තරමක් උෂ්ණාධික ඝර්ම කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ ය. වද ශාකය සාමාන්‍යයෙන් අඩි දහයක් පමණ උසට වැඩෙන ශාකයකි. එය තනි ශාකයක් වශයෙන් මෙන්ම ඇතැම්විට කුඩා පඳුරු වශයෙන්ද වැඩෙයි. පරිණත වද ශාකයේ පිට පොත්ත තද ගතියකින් යුක්තය. ඇතුලත පොත්ත කෙඳි සහිතය. තද කොළ පැහැයක් ගන්නා මෘදු පත්‍ර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 8 – 16 අතර ප්‍රමාණයක් දක්වා වැඩෙයි. පත්‍රයේ පිටත දාර දැති දැති මෙන් පිහිටා ඇත. එම පත්‍ර එකිනෙකට ඒකාන්තර පත්‍ර රටාවක් පෙන්නුම් කරයි.

⭕ වදමල් වල ඖෂධීය වටිනාකම
බාහිර අලංකාරයට එහා ගිය මිල කළ නොහැකි ඖෂධීය වටිනාකමක් වද මලෙහි අඩංගු වන බව බොහෝ දෙනෙක් නොදත් කරුණකි.

⭕ හෘද රෝග සහ අධි රුධිර පීඩනයට එරෙහිව
වද මල් යුෂයෙහි සාමාන්‍ය වශයෙන් අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන  ප‍්‍රමාණය අවම කිරීමේ විස්මිත  හැකියාවක් පවතින බව පැවසේ.

සම්ප‍්‍රදායික දේශීය  වෛද්‍ය ක‍්‍රමයට අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, තායිවානය ඇතුළු සමහර ආසියාතික රටවලත් වදමල්  හදවත් රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා බහුල වශයෙන් යොදාගනියි. ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට එදිනෙදා අධ්‍යාපනික කාර්යයන්හි නිරතවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මොළයේ වඩාත් කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක්  වර්ධනය කිරීම සඳහා ද  වද මල් යුෂය භාවිත කිරීමේ හැකියාව තිබේ.

අධික රුධිර පීඩනය නිසා දීර්ඝකාලීනව පීඩා විඳින රෝගීන්හට ද වද මල් යුෂය භාවිතයෙන් සහනයක් සලසා ගැනීමේ හැකියාව පවතී. සෞඛ්‍ය පර්යේෂකයන් පවසන අන්දමට ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ Hibiscus rosasinensis හෙවත් රතු පැහැ පොකුරු වද මල්ය.

ඒවායෙ  නැවුම් පෙති  වියළාගෙන සකසා ගන්නා පානය භාවිත කිරීමෙන් මහඟු ප්‍රතිඵල අත්විඳිය හැකි බව ඔවුන්ගේ නිර්දේශයයි. මෙසේ පානය කරන වදමල් යුෂ මඟින් ශරීරයේ රුධිර සංසරණය වඩාත් ක්‍රමවත් සහ කාර්යක්ෂම කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනයේ අනවශ්‍ය ඉහල පහල යාම්, හෘදය ආශ්‍රිත නිදන්ගත රෝගී තත්ත්වයන් වැනි ඔබ නිරන්තරයෙන් පීඩා විඳින ගැටළු වලට විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතී.

⭕ හිසකෙස් සම්බන්ධ ගැටළු වලට සාර්ථක විසදුමක් පිණිස 
සමාජයේ වයස් බේදයකින් තොරව කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම පොදුව පවතින සෞඛ්‍යමය ගැටළුවක් ලෙස හිසකෙස් සම්බන්ධ ගැටලු හැඳින්විය හැකිය. අකලට හිසකෙස් පැසීම, හිස් හොරි, කොණ්ඩය යෑම වැනි පොදු ගැටළු ඒ අතර ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. බොහෝ දෙනෙක් එතරම් තැකීමක් නොකරන නමුත් වදමල් වල පවතින ප්‍රධානතම ඖෂධීය ගුණයක් ලෙස මෙකී ගැටළුවලට විසඳුම් ලබා දීමේ හැකියාව දැක්වීමට පුලුවන.

හිසකෙස් ආශ්‍රිත ගැටළු සඳහා වදමල් සහ එහි කොළ යන දෙවර්ගයම යොදාගැනීමේ හැකියාව පවතී. වියළි හිසකෙස්, තෙල් ගතියකින් යුක්ත හිසකෙස් ආදී ඕනෑම කාන්තා පිරිමි හිසකෙස් වර්ගයක් සඳහා වදමල් ගුණදායක වේ. නැවුම් වදමල් සාරයෙහි ඇති විටමින් C,  රයිබොෆ්ලේවින්, කැල්සියම් සහ පොස්පරස්  කෙස් කළඹට විශාල පෝෂණීය සත්කාරයක් ලබාදීමට මහෝපකාරීවන බව පර්යේෂණ මගින් පවා සනාථ වී ඇත.

⭕ සමට සත්කාරයක් ලෙස 
ඝර්ම කලාපීය රටක් වන අප රටේ වසරේ වැඩිකාලයක් පවතින තද හිරු එළිය නිසා සමෙහි පිළිස්සුම් තත්ත්වයන් හටගැනීම නිරායාසයෙන් සිදුවේ. ඒ හේතුවෙන් සම අවපැහැ ගැන්වීමට බොහෝ ලෙස ඉඩ ඇත. මේ සඳහා පහසු විසදුමක් ලෙස වද මල් සත්කාරය දැක්විය හැකිය. එසේම  ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව මුහුණේ හටගන්නා කුරුලෑ, ලප කැළැල් සඳහා ළපටි වද මල් සහ කොළ දිව ඔසුවක් ලෙස සැලකේ.

අධික අවුරශ්මිය නිසා හටගන්නා  ලෙස හිසේ කැක්කුම් වලට ප්‍රතිකර්මයක් ලෙස ළපටි වද මල් දලු සහ වද මල් පෙති ඉතාම ගුණදායක වේ.

⭕ වෙනත් රෝග සඳහා
වද මල් ආශ්‍රිතව සකසා ගන්නා කසාය වර්ග හන්දිපත් වේදනාවලට දිව ඔසුවක් බව ප්‍රකට ය.. එසේම මල බද්ධය,මුත්‍රා අඩස්සිය රෝගයටත් වැනි ශාරීරිකව ඉතාම පීඩාකාරී ලෙඩරෝගවලටද වදමල් වල ඖෂධීය ගුණයෙන් ප්‍රතිකර්ම ලබාගත හැක. කාන්තාවන්ගේ  ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හටගනු ලබන බොහෝමයක් සුළු සුළු රෝගී තත්ත්වයන් හට වද මල් පෙති ඇල් දියේ මද වෙලාවක් බහා තබා පෙරාගෙන පානය කිරීමෙන් සහනයක් ලබා ගැනීමේ හැකියාව පවතී. එසේම ආර්තවය ක්‍රමවත්ව සිදුවීම සඳහා ද වදමල්වල පවතින ඖෂධීය ගුණ මහෝපකාරීවන බව පැවසේ....විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වද මලේ ඖෂධීය වටිනාකම පිළිබද ඔබ දැනුවත්ද? (Wada Mala [Hibiscus]) වද මලේ ඖෂධීය වටිනාකම පිළිබද ඔබ දැනුවත්ද? (Wada Mala [Hibiscus]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2021 Rating: 5

0 comments:

Post a Comment