ගතට සිතට සුවය ගෙනෙන සමන් පිච්ච මල් වල ගුණ (Saman Pichcha Mal)

ගතට සිතට සුවය ගෙනෙන සමන් පිච්ච මල් වල ගුණ (Saman Pichcha Mal) - Your Choice Way
🌿 දෙවියන්ටත් මිනිසුන්ටත් එකසේ ප්‍රිය උපදවන ආකර්ෂණීය ඉමිහිරි සුවඳක් හමන සුන්දර සමන්පිච්ච දිව්‍යමය ඖෂධයක් බව ඔබ දැන සිටියාද?

🌿 ඉතාමත් අලංකාර සමන් පිච්ච ශාකයේ මුල්, කොළ, මල් ආදී සියලු කොටස් ආයුර්වේදයේ බොහෝ රෝගවලට ඖෂධය ලෙස යොදා ගනු ලබනවා.

🌿 ශ්‍රී ලංකාවේ සමන් පිච්ච වර්ග කීපයක්ම දක්නට ලැබෙන අතර සුදුමල් සහිත සමන් පිච්ච ඒ අතුරින් සුලබ වේ. මෙය බොහෝ ඖෂධ පිණිස යොදා ගනු ලැබේ. දම්පාටට හුරු, දෑ සමන් ද දක්නට ලැබේ. ගැට පිච්ච වර්ගය ද සමන් පිච්ච කුලයේ ම තවත් දුර්ලභ ප්‍රභේදයකි.

✅ සමන් පිච්ච මල් තේ
🌿 සමන් පිච්ච මල් සාමාන්‍යයෙන් චීනයේ තේ ලෙසින් භුක්ති විඳින අතර සමහර විට හරිත තේ හෝ කළු තේ සමඟ ප්‍රයෝජනයට ගැනේ. සමන් විච්ච මල්වලින් නිපදවන ලද තෙල් ඉතාම මිල අධික හෙයින් තෙල් ලොවේ රජු ලෙස ද හඳුන්වනු ලැබේ. ඉන්දියානු කාන්තාවන් සියවස් ගණනක් පුරා හිසකෙස් සුවඳ කිරීමට සමන් විච්ච මල් භාවිතකර ඇත.

✅ දෙනෙතට සිසිලසක්
🌿 අතීතයේ පටන්ම දෑස රැක ගැනීමට මෙන්ම දෑසේ පෙනීම වර්ධනය කරගන්නට ද සමන් පිච්ච මල් දැමූ ජලය ජනප්‍රිය ප්‍රතිකාරයක්. මෙහිදී කෙරෙන්නේ රාත්‍රී කාලය මුළුල්ලේ පිරිසුදු ජලය පිරි බඳුනකට සමන් පිච්ච මල් බහා තබා එම ජලයෙන් පසුදින දෑස සේදීමයි. මින් දෙනෙතට සිසිලසක් ලැබෙන අතර දෙනෙත් රතුවීම ආදි රෝග සඳහා ගුණදායකය.

✅ මුව සේදීමට
🌿 තොල් පැලීම, මුඛයේ තුවාල, දත් මුල් දියවන රෝගය ඇතුළු වෙනත් මුඛ රෝගවලින් පීඩා විඳින අයට සමන් පිච්ච ශාකයේ කොළ තම්බාගත් ජලයෙන් මුව සේදීමෙන් සුවයක් ලබාගත හැකි වේ. අර්ශස් රෝග, මුත්‍රා දැවිල්ල ආදී මුත්‍රා රෝගවලට මෙන්ම ඇඟපත දැවිල්ලට සමන් පිච්ච කොළ සහ මල් වලින් සකසන පානය ගුණදායකය.

✅ තුවාල සේදීමට
🌿 විෂබීජ නාශක ගුණයෙන් යුතු නිසා සමන් පිච්ච මුල් සහ කොළ තම්බා ගත් ජලයෙන් තුවාල සේදීමෙන් තුවාල හොඳින් පිරිසුදු වී කැසීම නතර වෙයි.

✅ සමන් පිච්ච කොළ තම්බා ගත් ජලය කුෂ්ඨ නැසීමට ද යෝග්‍ය වේ.
🌿 සමන් පිච්ච මල් දමා පැය කීපයක් තැබූ ජලයේ ඇඟ සේදීමෙන් දහඩිය දුඟද පාලනය කර ගත හකියි. වියළා ගත් සමන් පිච්ච මල් දමා කොට්ටයක් සාදා ගෙන එම කොට්ටය මත නිදා ගැනීනේ සුවදායක නින්දක් ලබා ගත හැකියි.

🌿 මල් ලොව සුවඳ රාජණිය ලෙසින් හැඳින්විය හැකි අගනා ඔසුවක් වන සමන් පිච්ච පැළෑටියක් ඔබේ ගෙවත්තේ හෝ මල් පෝච්චියක සිටවා ගැනීමට අමතක නොකරන්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගතට සිතට සුවය ගෙනෙන සමන් පිච්ච මල් වල ගුණ (Saman Pichcha Mal) ගතට සිතට සුවය ගෙනෙන සමන් පිච්ච මල් වල ගුණ (Saman Pichcha Mal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 26, 2021 Rating: 5

0 comments:

Post a Comment