Ranga Nadeeka Song Lyrics - රංග නදීකා ගීතයේ පද පෙළ

Ranga Nadeeka Song Lyrics - රංග නදීකා ගීතයේ පද පෙළ
Song Title : Ranga Nadeeka (රංග නදීකා)
ගායනය : ධනපාල උඩවත්ත


රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා

ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ

මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයෙ හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා

මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔ‍බට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා

මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා

රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranga Nadeeka Song Lyrics - රංග නදීකා ගීතයේ පද පෙළ Ranga Nadeeka Song Lyrics - රංග නදීකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2021 Rating: 5

0 comments:

Post a Comment