ලෙඩේට ගැළපෙන්න කෙසල් කමු (Kesel)

ලෙඩේට ගැළපෙන්න කෙසල් කමු (Kesel) - Your Choice Way
🔅 බාලකාලයේ සිට මහළු විය දක්වා ඔබට හිතවත් පළතුරක් කියන්න කිව්වොත් ඔබේ පිළිතුර කෙසල් වනවා නොඅනුමානයි .ඒ තරමටම කෙසල් අපට හිතවත් පළතුරක්.අපට නැතිවම බැරි මේ කෙසල් ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන පෝෂණ ගුණය ඉතා ඉහලයි.ඉතින් අද අපි සොයා බලමු මේ කෙසල් වල තියන ඖෂධීය ගුණ....

🟩 කෙසෙල් වල ගුණ
🌳 සිසිල් ගුණයෙන් යුක්තයි

🌳 මධුර රසයෙන් යුක්තයි

🌳 ධාතු පෝෂණය කරයි

🌳 දේහ බලය හා ශක්තිය වඩවයි

🌳 ප්‍රමේහ රෝග නසාලයි

🌳 පිපාසය හා දැවිල්ල සංසිඳුවයි

🌳 තුවාල සුව කිරීමේ ගුණයෙන් යුක්තයි

🌳 වාත රෝග නසයි

🌳 ලේ කෝප වීම නිසා හටගන්නා රෝග නසයි

🌳 සිරුර පෘෂ්ඨිමත් කරයි

🌳 ආහාර රුචිය වඩවයි

🌳 තරබාරු අය කෙට්ටු කරවයි

🌳 කෙට්ටු අය තරබාරු කරවයි

🌳 අමු කෙසෙල් ගෙඩි සෙම වඩවයි

🌳 දැනට කෙසෙල් වර්ග 40 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් ආයුර්වේද චිකිත්සාව සඳහා බහුලවම යොදාගන්නේ අළු කෙසෙල් ය.

🍌 අළු කෙසෙල්
• රක්තපිත, දාහය සංසිඳුවයි

• දියවැඩියාවට ගුණදායකයි

• දේහ බලය හා ශක්තිය වඩවාලයි

• අධික ඔසප් වීම් වලදී සහ පාචන, ග්‍රහණි වැනි රෝග තත්ව වලදී ඖෂධ පිණිස යොදාගනී

🍌 සුවඳැල්
• ඉතා මිහිරි රසයෙන් යුක්තය

• වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අඩංගුය

• පෝෂණ ගුණයෙන් ඉහළයි

• කුඩා දරුවන්ටද සුදුසුයි

🍌 ඇඹුල් කෙසෙල්
• සෙම වඩවයි

• විටමින් B බහුලයි

• ඇදුම, පීනස හා කැස්සට අහිතකරයි

• නීරෝගී අයෙකු වුවත් රාත්‍රියේදී ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුයි

🍌 සීනි කෙසෙල්
• සිසිල් ගුණයෙන් යුක්ත වුවත් සෙම් රෝගීන්ට එතරම් අගුණ නොවේ

• ලොකු කුඩා හැමෝටම එකසේ පරිභෝජනය කල හැකි පලතුරකි

• ක්ෂය රෝගය, මාන්දම වැනි රෝග වලට ගුණදායකයි

• පුරුෂ ශක්තිය වඩවාලයි

🍌 රත් කෙසෙල්
• දියවැඩියාව පාලනය කරගැනීමට උපකාරී වෙයි

• උදරයේ හටගන්නා ගෙඩි, ශරීර දැවිල්ල සඳහා ගුණදායකයි

• ඇදුම රෝගයටද ගුණදායකයි

🍌 පුවාලු
• සීතල ගුණයෙන් යුත් කෙසෙල් වර්ගයකි

• ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්තයි

• දේහ ශක්තිය වඩවාලයි

• කෘෂ බව නැතිකරයි

• සැමට එක හා සමාන ගුණ ලබා දේ

🍌 නේත්‍රාපලම්
• අක්ෂි රෝග හා ශීර්ෂ රෝග වලට ගුණදායකයි

• පෝෂණ ගුණයෙන් ඉහළ කෙසෙල් වර්ගයකි.

• ඇස් පෙනීම දියුණු කරයි.

• අක්ෂි රෝග වලට හා ශීර්ෂ රෝග වලට ගුණදායකයි

🍌 බිං කෙසෙල්
• පෝෂණ ගුණයෙන් ඉහළයි

• සෙම රෝගීන්ට අගුණයි

• කුඩා දරුවන්ට සුදුසුයි

🍌 කෝලිකුට්ටු
• පෝෂණ ගුණයෙන් ඉහළයි

• සිරුර පෘෂ්ඨිමත් කරයි

• දිරවීමට තරමක් අපහසුයි

• ජීර්ණ අපහසුතා සහිත අයට සුදුසු නොවේ

• සෙම් රෝග සහිත අයටද සුදුසුයි

🍌  ආනමාලු
• සීත ගුණයෙන් ඉහළයි

• සෙම් රෝග සහිත අයට නුසුදුසුයි

• රාත්‍රී කාලයේදී වැඩිපුර ආහාරයට ගැනීම අහිතකරයි

• ඌෂ්ණාධික රෝග වලින් පෙලෙන අයට සුදුසු පලතුරකි

• බඩවැල් වල තුවාල, අර්ශස් සහ පාචනය වැනි රෝග වලට ඉතා සුදුසුයි

🍌 ඇටි කෙසෙල්
• කුඩා ළමයින්ගේ අස්ථි හා පේශි වර්ධනයට උපකාරී වෙයි

• දියවැඩියාවට හිතකරයි

• අජීර්ණ රෝග වලට ගුණදායකයි

• කෑම අරුචිය නසාලයි

🟩  කෙසෙල් වල තවත් ගුණ...
⭕ වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි.

⭕ විටමින් B බහුල නිසා කෙසෙල් ස්නායු පද්ධතියට හිතකර පලතුරකි.

⭕ මතක ශක්තිය වැඩි කරයි.

⭕ මානසික ආතතිය දුරලයි.

⭕ රුධිරගත සීනි මට්ටම ස්වාභාවිකවම සමනය කරයි.

⭕ ඉදිමුම් තත්ව වලට ගුණදායකයි

⭕ ඉහළ පෝෂණ ගුණයක් සහිත නිසා ගර්භණී මව්වරුන්ට ඉතා හිතකරයි.

✅ කෙසෙල් අහාරයට ගැනීමට පෙර👇
📌️ සෙම් රෝග වලට හා රාත්‍රියේදී ඇතැම් කෙසෙල් වර්ග ආහාරයට නුසුදුසු වේ.

📌️ ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා වකුගඩු ආබාධ සහිත අය බහුලව කෙසෙල් ආහාරයට ගැනීම නුසුදුසුයි. ඔවුන් වෛද්‍ය උපදෙස් මත කටයුතු කල යුතුයි.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෙඩේට ගැළපෙන්න කෙසල් කමු (Kesel) ලෙඩේට ගැළපෙන්න කෙසල් කමු (Kesel) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2021 Rating: 5

0 comments:

Post a Comment