රෝග රැසකට සුවගෙනෙන කප්පරවල්ලිය (Kapparawalliya)

රෝග රැසකට සුවගෙනෙන කප්පරවල්ලිය (Kapparawalliya) - Your Choice Way
🍁 කප්පරවල්ලි ශාකය කර්පූරවල්ලී , පාෂාණ භේද , පර්ණයවානී , කප්පරවේලිය ආදී වශයෙන් හදුන්වනු ලබන අතර ඉංග්‍රීසියෙන් Country borage ලෙසටද දෙමළෙන් කර්පුරවල්ලී කියාද සංස්කෘතයෙන් පාෂාණභේදී වශයෙන් නාමයන් කිහිපයක්ම කප්පරවල්ලි ශාකය හදුන්වීමට යෙදී ඇත.

🍁 කප්පරවල්ලි ශාකයේ පත්‍ර මාංසල බවකින් හා කඳක් සහිත පඳුරක් (අර්ධ පදුරු )ආකාරයට වැඩෙන බහුවාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. කඳේ පහල ගැටවලින් මුල් හට ගනී. පත්ර පුළුල් අණ්ඩාකාරය. බුව සහිත පුෂ්ප මංරියක හට ගන්නා මල් රෝස දම් පැහැති වෙයි. කප්පරවල්ලිය ශාකයේ කඳෙන් සහ විශේෂයෙන් පත්රවලින් සැර සුවඳක් වහනය වේ. Lamiaceae කුලයට අයත් ශාකයකි කප්පරවල්ලි ශාකය.

🍁 ක්ෂය රෝගයට ඉක්කාවට උගුරේ ඇතිවන දැවිල්ලට හා ස්වාසනාලිකා ප්රදාහයට මෙන්ම  නිව්මෝනියාවට පැපොල , වසූරිය , ඇදුම , කැස්ස , මීමැස්මොරය , අක්ෂි රෝග , අක්මා රෝග , කුසගිනි මදිකම හා ආහාර අරුචිය , අතීසාරය , පාචනය , උදරයෙහි වාතය එකතුවීම , මුත්රා අඩස්සිය , මුත්ර ගල් , මුත්ර දැවිල්ල , පණු රෝග , මුඛ දුර්ගන්ධය ආදී රෝග තත්වයන් බොහෝමයකට ප්රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කප්පරවල්ලිය ශාකයේ කොළත් ඇතැම් විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගන්නා බවක් සදහන් වෙයි.
✔️ උදර වේදනාවන්ට සහ අතීසාරයට කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මේස හැඳි එකක් දෙහි ඉස්ම , මී පැණි සමඟ දීම ගුණ දායකයි. 

✔️ ඇදුම සහ ක්ෂය රෝගය සඳහා කප්පරවල්ලිය පැණිය ඉතා ගුණදායක බව සඳහන් වේ.

✔️ කප්පරවල්ලිය කුසගිනි වඩවන , පණුවන් නසන , වේදනා නාශක ආදී ගුණයන් රැසක් සහිත වෙයි .

✔️ ළදරුවන්ට සෙම හැදුනාම කොල 5ක් පමණ ගෙන රතු ලූනු ගෙඩියක් හා ලුනු කැටයක් සමග කොටා ඉස්ම ගෙන උණු වතුර හැන්දක් හා මී පැණි හැන්දක් දමා බීමට සැලැස්වීම ගුනදායකයි.

✔️ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති විටක මේ ශාකයේ යුෂ භාවිතා කරනු ලබනවා.මේ සංයුතිය තුල ශ්වාසනාල පළල් කිරීමේ හැකියාවක් තිබෙන නිසා රෝගියාට පහසුවෙන් හුස්ම ගැනීමෙ හැකියාව ඇතිකරනු ලබනවා.

✔️ ක්ෂය රෝගයේ දී ක්ෂය රෝග කාරක බැක්ටීරියා (Mycobacterium tuberculosis) විනාශ කිරීමේ හැකියාව මේ පැලෑටියේ සාරයට ඇති බව පරීක්ෂණ මගින් සනාථ කර තියෙනවා.

✔️ පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණ ඇති බව පරීක්ෂණ මගින් සනාථ වී තිබෙනවා.

✔️ කැස්සට මේ කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා මී පැණි සමග තේ හැන්දක් පමණ පානය කිරීමෙන් අපහසුතාවය වළකා ගත හැකිය.

✔️ කප්පරවල්ලි යුෂ අක්මාවේ රෝග සදහාද යොදාගනු ලබන්නේ අක්මා සෛල උත්තේජනය කිරීමේ හැකියාව නිසාය.

✅ කප්පරවල්ලිය පැණිය , කප්පරවල්ලිය ක්වාතය මෙම ශාක කොටස් යොදා නිපදවන ඖෂධයන් කිහිපයකි. 
🌿 ඉතාමත් සැර පැගිරි සුවදකින් සහ ලා කොළ පැහැති පත්‍ර වලින් යුතු මේ ශාකය නිවෙස් ආශ්‍රිතව වගා කරගැනීමට සුදුසු ශාකයක් මෙහි තිබෙන ඖෂධීය ගුණ වගේම කෘමි විකර්ෂක ගුණද යුතු බැවිනි. අතීතයේදී කෘමී විකර්ෂණය සදහා මේ ශාකය යොදාගෙන තිබෙන්නෙ එහි තියන සැර සුවඳ හේතුවෙනි. ලෝකයේ බොහෝ රටවල මේ ශාකය පිළිබඳ ව සායනික පරීක්ෂණ පවා සිදුකර තිබෙන්නේ වටිනා ඖෂධීය ශාකයක් නිසාමයි.

🍁 කප්පරවල්ලි ශාකයේ රසායනික ගුණ.
🌿 පත්‍රවල Carvacrol හා camphor සම්පූර්ණ අඩංගු වේ. Oxalacetic acid හා අංශු මාත්‍රව limonene oil. අඩංගු වේ.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝග රැසකට සුවගෙනෙන කප්පරවල්ලිය (Kapparawalliya) රෝග රැසකට සුවගෙනෙන කප්පරවල්ලිය (Kapparawalliya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2021 Rating: 5

0 comments:

Post a Comment