ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor)

ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor) - Your Choice Way

♦️උපත පිළිබඳ විස්තර :-

1948 ජුනි 12 වැනි දින නුවරඑළිය දෙහිපේ ගම්මානයේ උපත ලද්දේ ය. 

♦️අධ්‍යාපනය ලැබූවේ :-

දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ය. ශිෂ්‍යත්වය සමත් වී පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. පාසල් වේදිකාව දික් විජය කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලබන ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නම් නිර්මාණ වෘක්‍ෂයෙහි සෙවණ ලබමින් හැඩි දැඩි වන්නේ ය. හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි නිර්මාණවේදීන්ගේ ඇසුර ලැබීමෙන් එතුමාගේ ජීවිත විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රෝපාධි රැසක් එකතු විය. 

70 දශකය ආරම්භයේ දී සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමඟ “දොළොස්මහේ පහන” නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරමින් කවියකු වශයෙන් සමාජගත විය. 

♦️නාට්‍ය කලාවට සම්බන්ධ වීම :-

මනෝරත්නගේ ප්‍රථම නාට්‍යය 1980 දී 'මහගිරිදඹ' යනුවෙන් නිෂ්පාදනය විය. එතැන් සිට ස්වතන්ත්‍ර හා පරිවර්තන නාට්‍ය පහළොවක් පමණ මෙරට වේදිකා නාට්‍ය කලාවට තිළිණ කළේ ය. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි තම අපූර්ව රංග ප්‍රතිභාව ප්‍රකට කළ එතුමා අධ්‍යක්‍ෂවරයයෙක් ලෙස ද මෙරට ටෙලි නාට්‍ය කලාවට දායාද කළ නිර්මාණ ප්‍රේක්‍ෂක අවදානයට ලක් විය. නවකතාව, කෙටිකතාව, ගීතය, කවිය, නාට්‍ය වැනි නන්විධ සාහිත්‍යය මාධ්‍යයන් ඔස්සේ තම චින්තනය නිර්මාණාත්මක ව සමාජගත කළ එතුමා ප්‍රකට සාහිත්‍යය සමීක්‍ෂණ මණ්ඩලවල විනිශ්චයකරුවෙක් ද විය. විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වූ එතුමා ගමින් ගම, රටින් රට ගොස් දේශන පවත්වමින් රසික හදවත් උසස් නිර්මාණ කෙරෙහි යොමු කරවී ය. 

සාහිත්‍යය - කලා ක්‍ෂේත්‍රයේ අනුපමේය ක්‍රියාවලියක නිරතව සිටිය දී 2018 වර්ෂයේ අග භාගයේ දී මනෝරත්නයෝ රෝගාතුර වූහ. සුවහසක් රසික හදවත් ප්‍රකම්පනය කරමින් 2020 ජනවාරි 12වෙනි ඉරු දින අලුයම ආචාර්ය ජයලත් මනෝරත්නයෝ ජීවන රඟ මඬලින් සමුගත්තෝ ය. 

මෙරට සාහිත්‍යය කලා ක්‍ෂේත්‍රය නන්විධ මාධ්‍යය ඔස්සේ සුපෝෂණය කළ අදීන කලාකරුවෙක් වශයෙන්, ආචාර්ය ජයලත් මනෝරත්න දෙස් විදෙස් සහෘද හදවත් වැළඳගත් විද්වතෙකි.

-*අන්තර්ජාලයෙන් සපයාගත් තොරතුරු සංස්කරණය කොට මාෂි අබේසිංහ වන මවිසින් සැකසූ ලිපියකි*-
ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor) - Your Choice Way

ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor) ජයලත් මනෝරත්න ශූරීන් (Jayalath Manorathne Actor) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment