Eda Wage Adath Song Lyrics - එදා වාගේ අදත් ගීතයේ පද පෙළ

Eda Wage Adath Song Lyrics - එදා වාගේ අදත් ගීතයේ පද පෙළ
Song Title : Eda Wage Adath (එදා වාගේ අදත්)
ගායනය : සෝමතිලක ජයමහ
තනුව : එච්. එම්. ජයවර්ධන
ගී පද : ප්‍රසන්න චන්දන බණ්ඩාර


එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා..
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

අනාගත වාලුකා කතර මැද තනිවෙලා..
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා..
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Wage Adath Song Lyrics - එදා වාගේ අදත් ගීතයේ පද පෙළ Eda Wage Adath Song Lyrics - එදා වාගේ අදත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2021 Rating: 5

0 comments:

Post a Comment