Arumayakdo Song Lyrics - අරුමයක්දෝ ගීතයේ පද පෙළ

Arumayakdo Song Lyrics - අරුමයක්දෝ ගීතයේ පද පෙළ
Song Title : Arumayakdo (අරුමයක්දෝ)
Artist : Thilan Dhanushka
Lyrics : Thilan Dhanushka
Melody : Thilan Dhanushka
Music : Thilan Dhanushka /Stereomiinds
Mixing & Mastering : Stereomiinds
Lyric video : Chanaka Sandaruwan | Digitree


අරුමයක්දෝ ඇරඹුමේ
හැරවුමක්දෝ භවතුරේ

හිමිදිරියේ
මැවෙනා මේ
නෙතු අග ඇදි ඒ රුවේ
සිහිනෙක මං මුලා වුනේ

සන්ධ්‍යාවේ
අවරට පියඹනා දිනේ
ගිනි සිලු නිවෙනා ක්ශිතිජයේ
ඡායා අතරමං කලේ

විවර වී යන මානයේ
කාලයන් අතර නුඹ සොයා
මනසින් යාවුණා

ගගන වන් වූ නිල් තලේ
ධූමයන් අතර සැගවීලා
දෙනෙතින් මත් වුණා

අරුමයක්දෝ ඇරඹුමේ
සිහිනයක්දෝ අළුයමේ
මිරිගුවක්දෝ හැන්දෑවේ
හැරවුමක්දෝ භවතුරේ

මීදුමක් මැදින් පිබිදුණු මල් සරාවියේ
නොපෙනෙනා දුරින් නුඹ යයි අනන්තෙට වගේ
සසර චාරිකා අතරින් හමන මාරුතේ
කෙදිනකදෝ යලි අප හමුවන්නේ

මා කොතැනදෝ මේ ලොවේ
ඈ රැදුනේ නෑ මේ භවේ
ඒ මතකයන් නිම්නයේ
ගිල්වුනා ආලයේ භවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arumayakdo Song Lyrics - අරුමයක්දෝ ගීතයේ පද පෙළ Arumayakdo Song Lyrics - අරුමයක්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2021 Rating: 5

0 comments:

Post a Comment