ඔබට නව ජීවයක් ලබා දෙන විස්මිත ශාකය 😮 අමුක්කරා (අශ්වගන්ධ) (Amukkara [Ashwaganda])

ඔබට නව ජීවයක් ලබා දෙන විස්මිත ශාකය 😮 අමුක්කරා  (අශ්වගන්ධ) (Amukkara [Ashwaganda]) - Your Chice Way
එයට සුව කල හැකි රෝගයක් නැති තරම්..... යම්  ශාකයක් ,    

👉 සිරුරෙහි  අභ්‍යන්තර බාහිර   රෝග ගණනාවකට  සුව සලසයි නම්,

👉 මොළය නිරෝගි කරමින්  මානසික  රෝග බැහැර කරයි  නම්,

👉 මතක වර්ධනය කරයි නම්,    

👉 සුව නින්දක්  ලබා දෙයි නම්,

👉 අකලට මහලුවීම්  කෘශවීම්  වළකා     බලය  👉ශක්තිය    සමග  වඩා  තරුණ  පෙනුමක් ලබා දෙයි  නම්,

👉 දරුපල  නැතියවුනටද  දරු සම්පත් හිමිකර දෙයි නම්,

⭕ එම  විස්මය ජනක   ඖෂධය   ඔබේ ජීවිතය  යහපත් අතට   වෙනස් කර දෙන්නක්   නොවෙයි ද?
 
⭕ ඒ  වාසනාව උදාකර දෙන   අපූරු ඖෂධීය ශාකයක්  ලෙස   අමුක්කරා  හැඳින්විය හැකියි.
 
⭕ වන්‍ය  ග්‍රාම්‍ය වශයෙන්  ශාකයෙහි  ප්‍රභේද දෙකක්  දක්නට  ලැබෙන  අතර   අභ්‍යන්තර ඖෂධ සඳහා ග්‍රාම්‍ය  වර්ගය යොදා ගැනෙනවා.

⭕ මීටරයක් පමණ උසට  වැඩෙන ශාකය මලානික  කොළ පැහැති පත්‍රවලින්,   ලා කොළ පැහැති  මලින්  හා  රතු පැහැති  ඵලවලින්  යුක්තයි. ඇට දුඹුරු පැහැතියි .

⭕ බූව සහිත ශාකය  දිග මුල් වලින් යුක්තයි.  මුලෙහි ම  පිම්බුණු  කොටස   අල ලෙස  හඳුන්වනවා .   ඔසු  සඳහා  අල වෙනුවට  මුල් ද යොදාගනු  ලබනවා.

⭕ ශාකය  ශ්‍රී ලංකාව, ඉන්දියාව  ,පකිස්ථානය හා  අරාබි අප්‍රිකානු ප්‍රදේශවල   දක්නට ලැබෙන්නක්..

✅ අශ්වයාගේ  ගන්ධයෙන් යුතු බැවින්  අශ්වගන්ධ,  අස්ගොදු  නම්වලින්  හැඳින්වෙනවා. ශාක  ගුණ ස්වභාවය අනුව  වාජිනි  වාජිගන්ධා  ප්‍රියකාරි  වරදා  පුන්‍යා  indian  ginseng,  winter  cherry,    poison    goose berry,  ආදි තවත් නම්  ගණනාවකින් හඳුන්වනු  ලබනවා.

🔅 ශාකය   විටමින් යකඩ  කැල්සියම් මේද  ප්‍රෝටීන්    තන්තු  කාබොහයිඩ්‍රේට්  ඇමයිනෝ  අම්ල මෙන්ම  ප්‍රතිශක්තිකරණ  ප්‍රතිඔක්සිකාරක  ප්‍රතිප්‍රදාහ    සහ ප්‍රති බැක්ටීරියා ගුණ සහිතයි.

🔅 එහිමුල් කුඩු ග්‍රෑම් 100ක  කිලෝකැලරි 245  ක ශක්තියක් අඩංගුයි

🔅 වසර දහස් ගණනාවක  සිට ප්‍රබල ආයුර්වෙද  ඖෂධයක් ලෙස  යොදා ගැනෙන  අමුක්කරා ශාකය  මගින්    අරිෂ්ට  චූර්ණ  සෘත  ආසව  ලේහ  තෛල  යනාදී  ලෙසින්  ඖෂධ  ලබාදෙනවා.

🔅 එසේ ම  අමුක්කරා අඩංගු පෙති, ෂැම්පු ආදි නිෂ්පාදනත් කෙරෙනවා.

🔅 ශාකයේ සියලු  කොටස්  ඔසුගුණෙන්  යුතුවන  අතර   විවිධ  රෝග පාලනයට  යොදාගනු ලබනවා.ඒවායේ  සාර්ථක  බව  පර්‍යේෂණ  ගණනාවක්  මගින්  තහවුරුව  තිබෙනවා.

🔅 ශාක පත්‍ර    තේ පානයක්  ලෙස  සැකසීමට යොදාගනු ලබනවා.  

🔅 අමුක්කරා වියළි මුල් හෝ   ඒවායේ කුඩු   ජලය සමග උණුකර  එමගින් ද තේ පානයක්   සකසාගන්නවා.. එය  ඇතැමුන්  පැණි සමගද   පානය කරනවා. උණුසුම්  කිරි වීදුරුවකට. මුල් කුඩු ස්වල්පයක්  මිශ්‍රකර  පානය කිරීම ද සිරුරට හිතකරයි.

🔅 අමුක්කරා  රුධිරානු  වර්ධනය කරන්නක් මෙන්ම  රුධිරය පිරිසිදුකරන්නක්. රුධිර ධාවන පද්ධතියේ  මනා  ක්‍රියාකාරිත්වයට සහාය වන්නක්.එමගින් නීරක්තිය  වළකිනවා.  හදවතට  හිතකරයි . එහි මාංශපේශි  ශක්තිමත් කරනවා.අධි රුධිර  පීඩන කොලෙස්ටරෝල්  මට්ටම්  පාලනය  කරනවා.  එසේම   රුධිරගත සීනි  පාලනය කිරීමේ හැකියාවද එහි පවතිනවා  .එමගින් දියවැඩියාව පාලනය වනවා.

🔅 ශාකය  ආහාර රුචිය  වර්ධනය කරන්නක්.  එය ජීර්ණ පද්ධතිය  යහපත් කරමින්  මලබද්ධය පාචනය වැනි  රෝග තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කරනවා.පණු රෝග පාලනය කරනවා.

🔅 අන්ත්‍රවල පිළිකා ද වළක්වනවා.පිළිකා සෛල  මර්දනය කිරීමේ හැකියාවෙන්  යුතු ශාකය  අන්ත්‍ර පිළිකාවලට   මෙන් ම   පෙණහළු  පියොයුරු  හා  ගර්හාෂ පිළිකා වලට  එරෙහිවත් ක්‍රියා කරනවා.

🔅 එය  ශ්වසන පද්ධතිය  ආශ්‍රිත  ඇදුම  කැස්ස  සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ම  ක්ෂය රෝගයද  පාලනය කර දෙන්නක්.ශ්වාස  ඇදුම සඳහා අමුක්කරා  කෂාය ගිතෙල්  මීපැණි සමග ලබා දෙනවා.ක්ෂය රෝගයට අමුක්කරා චූර්ණය ලබා දෙනවා.

🔅 අමුක්කරා  තයිරොයිඩ්  ග්‍රන්ථියේ  සෞඛ්‍යය ද  ආරක්ෂාකර දෙන්නක්   .එය තයිරොයිඩ්  හෝමෝන  සමතුලිත කර දෙන බව සඳහන්.

🔅 එය  ඇස්වලට  හිතකර ලෙස  ක්‍රියාකරමින්  පෙනීම වර්ධනයට ද  උපකාරිවන්නක්. එමගින්  ඇසට  සුද  ඒම    වළක්වනවා.

🔅 සමේ  තුවාල ඉක්මනින්  සුවපත්වීමට සහායවන අමුක්කරා  සමෙහි  ඇතිවන සුදුකබර  ලාදුරු රෝග  තත්ත්වයන්ට එරෙහිවද  ක්‍රියාකරන්නක්.  

🔅 සම නිරෝගිකරමින් රැලිවැටීම් වලකා නැවුම් පෙනුමක් ලබාදෙන  එය  රූපලාවණ්‍යවර්ධකයක  කාර්‍ය භාරයද ඉටුකරනවා.අමුක්කරා  කුඩු  ස්වල්පයක් මාස්ක් එකක් ලෙස යොදා විනාඩි15 කින්  සෝදාහැරීම සුදුසුයි.අමුක්කරා කුඩු  වියළි ඉඟුරු හා ලෙමන් සමව ගෙන ටෝනරයක් ලෙස භාවිතා කළ හැකියි.

🔅 එය   කෙස් වැටීම්  ඉස්සොරි වළකමින්  හිසකෙස්  ද   රැක දෙනවා. එහි ඇති  මෙලනින්  ක්‍රියාකාරිත්වය හිසකෙස්  වල වර්ණය   කෙරෙහි ද බලපාන බව සඳහන්.ඒ සඳහා කුඩු මේස හැන්දක්   ෂැම්පු  හා මිශ්‍රකර  හිස ගල්වා  විනාඩි  දෙකතුනකි න්  සෝදහැරිය  හැකියි.

🔅 අමුක්කරා  ආතරයිටිස් වේදනා  බැහැරකරන්නක්.එමගින්  සන්ධි ඉදිමුම් ද   බැහැර  කෙරෙනවා. වරකට  අමුක්කරා  අල කුඩු  ග්‍රෑම්  3 බැගින් ගැන්ම ඊට  සෑහෙනවා.මාංශ පේශි-  වාත වේදනා දුරලන්නට  අමුක්කරා තෙල් ගල්වනු ලබනවා.

🔅 ශාකය  ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය ඇතිකරන්නක්.

🔅 මොළය  නිරෝගි කිරීමේ  විශේෂ දායකත්වයක් ලබා දෙන අතර  ඉන්  මානසික  ආතතිය, මානසික අවපීඩනය  විෂාදය  වැනි  රෝග  තත්ත්ව  පාලනය වනවා.එය  මතක වර්ධනය කර දෙමින්  ඇල්ෂයමර්  පාකින්සන් රෝගවලට එරෙහිවද ප්‍රතිචාර දක්වන්නක් .

🔅 නින්ද නොයන  ඉන්සොම්නියා තත්වය වළකමින්  සුව නින්දක්  ලබා දීමටත්.  අමුක්කරාවලට හැකියි .අමුක්කරා චූර්ණය   සීනි  හා ගිතෙල්  සමග  හෝ  උණු පැන් සමග ලබාදීමෙන්  නින්ද  ලැබෙන බව සඳහන්.අමුක්කරා මුල් කුඩු තේ හැන්දක් උණුසුම්   කිරිකෝප්පයකට මුසුකර රාත්‍රියෙහි බීමත් සුදුසු බව දැක්වෙනවා.

🔅 ශාකය වඩාත් ප්‍රකට  වාජීකරණ ඔසුවක්  ලෙසටයි .එමගින්  ලිංගික ශක්තිය වර්ධනය වනවා.ලිංගික දුබලතා දුරු කිරීමට අමුක්කරා  මුල්  කුඩු ග්‍රෑම්,2ක් එළකිරි සමග දිනපතා ගැන්ම සුදුසු බව දැක්වෙනවා.ලිංගික අවයවවල  ඌණතා පිරවීමේ  ඔසුවක්  ලෙසද  අමුක්කරා  යොදා ගන්නා බව  සඳහන්.ඒ සඳහා  අමුක්කරා තෙල් ද  භාවිතා කෙරෙනවා.

🔅 අපස්මාර,  නාඩි දුබලතා   වාත රෝග  රක්තවාත  මූර්ඡා   රුධිර දෝෂ   ශුක්‍රදෝෂ  ඉදිමුම්  ආදි  රෝග තත්ත්ව  ගණනාවකට  ප්‍රතිකාර  සඳහා ද  අමුක්කරා  යොදාගන්නා  බව     සඳහන් වෙනවා.

🔅 අමුක්කරා ඖෂධයක් ලෙස සිමිත කාලසීමාවකට ගැන්ම  යහපත් වුවත්  දිගින්දිගට  ගැන්මෙන්   හෝ  අධික මාත්‍රාගැන්මෙන්   හිසේ අමාරු ,නිදිමත ගතිය,  උදර  අපහසුතා ආදි  අතුරු ආබාධ ඇතිවිය හැකි යි.

⭕ එහෙයින්  වෛද්‍ය උපදෙස්  ඇතිව   ගැන්ම  වඩා සුදුසුයි.

😲👉 අමුක්කරා  ගැබිණි මවුවරුනට  අහිතකරයි. එමගින්  නියමිත කාලයට  පෙර දරු උපත සිදුවීමේ අවදානමක්  පවතිනවා.
දියවැඩියා  අධිරුධිර පීඩන තත්ත්ව සඳහා වෙනත්  ඖෂධ ගන්නාවිටත්  මෙය   ඖෂධයක්  සේ ගැන්ම සුදුසු නැහැ.

😲👉 එසේම     ශල්‍ය කර්මයකට පෙර හා පසුවත් අමුක්කරා  ගැන්ම අහිතකරයි..
🔅 පුෂ්ටිමත් වීමට

⏩ අමුක්කරා මුල් කුඩු එළඟිතෙල්  මීපැණි සමග මිශ්‍රකළ  තේ හැන්දක්  උදේ සවස ගැන්ම

⏩ අමුක්කරා  චූර්ණය  එළකිරි,  ගිතෙල්  හෝ  තලතෙල්   සමග ගැනීම
🔅 නින්ද ලැබීමට
🔅 ලිංගික ශක්තියට
🔅 දරුපල ලැබීමට.

✅ අමුක්කරා අල කුඩු මේස හැඳි 2ක් එළඟිතෙල් සමග අනුභව කිරීම

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔබට නව ජීවයක් ලබා දෙන විස්මිත ශාකය 😮 අමුක්කරා (අශ්වගන්ධ) (Amukkara [Ashwaganda]) ඔබට නව ජීවයක් ලබා දෙන විස්මිත ශාකය 😮 අමුක්කරා  (අශ්වගන්ධ) (Amukkara [Ashwaganda]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2021 Rating: 5

0 comments:

Post a Comment