Sulangak Wela Song Lyrics - සුළගක් වෙලා ගීතයේ පද පෙළ

Sulangak Wela Song Lyrics - සුළගක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Sulangak Wela (සුළගක් වෙලා)
ගායනය : ශිහාන් මිහිරංග
පද : නන්දන වික්‍රමගේ 
සංගීතය : නලින් පෙරේරා


සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ

හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ
මුළු ජිවිතේ ඔබටමයි ආදරේ
සිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

ඔබ මගේ කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලේ හැංඟි සිප ගද්දී දැනුණා මට සුවේ
සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වුණු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී ඉඳිමු යැයි කීව කුමරියේ
ඔබ නේද දන්නේ තාම ඒ රහස දන්නේ
ඔබමයි සොයන්නේ සැමදා මං පතන්නේ

පෙරසේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහේදෝ ඔබ ගියේ
දියසුලිය කුරීරූ වූ ලෙසේ ඇයිද ඔබ මාව හැඬවූයේ
හඬමි මම මේ නදී තෙරේ ඇයිද ඔබ මා දමා ගියේ
ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
සුළඟක් වෙලා සැමදා මං සොයන්නේ

හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ
මුළු ජිවිතේ ඔබටමයි ආදරේ
සිත් ගත ලඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulangak Wela Song Lyrics - සුළගක් වෙලා ගීතයේ පද පෙළ Sulangak Wela Song Lyrics - සුළගක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment