Sitha Ude Pipi Mal Song Lyrics - සීත උදේ පිපි මල් ගීතයේ පද පෙළ

Sitha Ude Pipi Mal Song Lyrics - සීත උදේ පිපි මල් ගීතයේ පද පෙළ
Song Title : Sitha Ude Pipi Mal (සීත උදේ පිපි මල්)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. මෙහි පද මුල් ගීය අනුවයි.


සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

ඊයෙ උදේ බැලුවා සොයලා
ඇයි සැඟවී සිටියේ
පිණි වේලෙනකන් සිරි නරඹන්නම්
ඉන්පසු පැණි බොන්නම්

සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

ඈත ගසක රතු පාට මලක් ඇත
මම නැහැ එහෙ යන්නේ
හිරු තාපෙ වැදී පැණි බේරෙනවා
නැවතත් හෙට එන්නෙම්

සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Ude Pipi Mal Song Lyrics - සීත උදේ පිපි මල් ගීතයේ පද පෙළ Sitha Ude Pipi Mal Song Lyrics - සීත උදේ පිපි මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2021 Rating: 5

0 comments:

Post a Comment