Sathara Waram Devi Maha Raja Song Lyrics - සතර වරම් දෙවි මහරජ ගීතයේ පද පෙළ

Sathara Waram Devi Maha Raja Song Lyrics - සතර වරම් දෙවි මහරජ ගීතයේ පද පෙළ
Song Title : Sathara Waram Devi Maha Raja (සතර වරම් දෙවි මහරජ)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින //

නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ

ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා //

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට //

අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස

ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා //

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathara Waram Devi Maha Raja Song Lyrics - සතර වරම් දෙවි මහරජ ගීතයේ පද පෙළ Sathara Waram Devi Maha Raja Song Lyrics - සතර වරම් දෙවි මහරජ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment