Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙලි ගීතයේ පද පෙළ

Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙලි ගීතයේ පද පෙළ
Song Title : Pokuru Pokuru Mal Sanakeli (පොකුරු පොකුරු මල් සැණකෙලි)
ගායනය : ලතා වල්පොල
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ..

පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..

බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා..
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..

මට මතකයි මට මතකයි පුංචි කාලේ මං..
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං..
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා..
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා..

පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ..
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා..

පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙලි ගීතයේ පද පෙළ Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment