Me Ganga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ පද පෙළ

Me Ganga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ පද පෙළ
Song Title : Me Ganga Me Dura Kathara Gewa (මේ ගඟ මේ දුරු කතර ගෙවා)
ගායනය : නිරංජලා සරෝජිනී පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන


මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ganga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ පද පෙළ Me Ganga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment