Your Choice Way

Malwaram Song Lyrics - මල්වාරම් ගීතයේ පද පෙළ

Malwaram Song Lyrics - මල්වාරම් ගීතයේ පද පෙළ
Song Title : Malwaram (මල්වාරම්)
Artist : Raini Charuka
Music : Kapil
Lyrics : Sajith V. Chathuranga


මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්

නිදි නැති රැය බොඳ වීලා
උණු කඳුළක නෙත සතපාලා
ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
මුළු හද ගිනිගණ් පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා
සිහිනයෙන් වෙන්වෙලා

මුදු හසරැලි ශීත යායේ
මුතු කුඩ යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

නිදි නැති රැය බොඳ වීලා…

සායම්කළ දෑස මානේ
මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති පැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනල පෙති අග ලියු සංවේදනා ඔබේ නමින්

නිදි නැති රැය බොඳ වීලා…

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින් …

නිදි නැති රැය බොඳ වීලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malwaram Song Lyrics - මල්වාරම් ගීතයේ පද පෙළ Malwaram Song Lyrics - මල්වාරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment