Mage Adara Raththarane Song Lyrics - මගෙ ආදර රත්තරනේ ගීතයේ පද පෙළ

Mage Adara Raththarane Song Lyrics - මගෙ ආදර රත්තරනේ ගීතයේ පද පෙළ
Song Title : Mage Adara Raththarane (මගෙ ආදර රත්තරනේ)
ගායනය : උපාලි කන්නංගර
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : සිනෙත් බැද්දගේ


මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල් කනවා //

මාල අරුංගල් කූඩු තනාගෙන
එන්ට හිතා ඉන්නේ
හීන දකින්නෙ මනාපෙ නුඹේ
දැනගන්ට නොවෑ හනිකේ
ආල නුරා හිත කීරි ගැහෙයි
පිටුපාල ගියොත් මැණිකේ
නාවෙ මොකෝ අද තාම අනේ
මම පාර බලා ඉන්නේ

මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල් කනවා

ඈත තියා දැක යන්නෙ මොකෝ
මාව දැක්ක නොදැක්ක වගේ
යන්ට ගිහින් ලැජ්ජාවෙ වගේ
නොපෙනෙන්ට හිනාවෙන්නේ
ආයෙ හැකක් නැහැ ආල හිතක්
ඇතුවාට මොකෝ මැණිකේ
කෝල වෙවී මට තාම අනේ
බහ දෙන්ට පමා වෙන්නේ

මගෙ ආදර රත්තරනේ
නුඹ දැක්ක දොහේ ඉඳලා
ඔය රූපෙ හිතේ ඇඳිලා
හිත ආල හැඟුම් පිරිලා
හඳ පාන වගේ සොබනා
සිරියාවි මනාප වෙලා
බහ දුන්නොතින් දෙයියම්පා
මම හත් දා මගුල්කනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Adara Raththarane Song Lyrics - මගෙ ආදර රත්තරනේ ගීතයේ පද පෙළ Mage Adara Raththarane Song Lyrics - මගෙ ආදර රත්තරනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment