Ahala Mal Pipena Song Lyrics - ඇහැල මල් ‍පිපෙනා ගීතයේ පද පෙළ

Ahala Mal Pipena Song Lyrics - ඇහැල මල් ‍පිපෙනා ගීතයේ පද පෙළ
Song Title : Ahala Mal Pipena (ඇහැල මල් ‍පිපෙනා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahala Mal Pipena Song Lyrics - ඇහැල මල් ‍පිපෙනා ගීතයේ පද පෙළ Ahala Mal Pipena Song Lyrics - ඇහැල මල් ‍පිපෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 26, 2021 Rating: 5

0 comments:

Post a Comment