රුව ලස්සන කරන ආයුර්වේද රහස් (Hela Rahas)

රුව ලස්සන කරන ආයුර්වේද රහස් (Hela Rahas) - Your Choice Way
✅ කුඩා අවදියේ සිට ජීවිතය තිබෙන තුරාවට රුවැති බව රැකගැනීම සඳහා මෙන්ම සමෙහි පැහැපත් බව රැකගැනීම සඳහා ආයුර්වේද රූපලාවන්‍ය වැදගත්වේ. රුව සම්පත ගැන උනන්දුවක් දක්වන අපේ ලලනාවන් දැන් වැඩි වැඩියෙන් රූප ශ්‍රියාව වර්ධනය කර ගැනීමට අපේ පැරැණි කාන්තාවන් යොදාගත් ඖෂධීය ශාකසාර ආලේපන පිළිබඳව උනන්දු වන බැව් පෙනේ. මෙය කෙතරම් සැළකිය යුතු තත්ත්වයක්ද යත් අද වෙළෙඳපොළේ වඩාත්ම අලෙවි වන්නේද එවන් සබඳතාවයක් සහිත රුව වඩන නිපැයුම්ය.

✅ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නොයෙක් රසායනික ඖෂධ වර්ග භාවිතයෙන් එවැනි පිළියම් වර්ග තිබුණත් සාමාන්‍ය ශාකසාර උපයෝගී කරගැනීමෙන් පැහැපත් බවක් ලබාගත හැකිය. මෙමගින් සමට කිසියම් ආකාරයකවත් අහිතකර බවක් ඇති නොවේ. බොහෝ විට ස්වභාවික ශාක වර්ග, මල් වර්ග, පැලෑටි වර්ග, පලතුරු යුෂ ආදිය භාවිතයෙන් සකසා ගන්නා මෙම ආයුර්වේද ඖෂධ කිසිවිටෙකත් ශරීරයට අහිතකර බවක් සිදු නොවනු ඇත.

✅ ස්වභාවයෙන්ම සිරුරේ නිරෝගිකමට, සමේ පැහැපත්භාවයට බලපාන සාධක වන හිරු එළිය, පිරිසිදු වාතාශ්‍රය, ප්‍රමාණවත් ජල පරිභෝජනය මෙන්ම නැවුම් එළවළු, නැවුම් පලතුරු හා විශේෂයෙන් පලා වර්ග හැකි පමණ ආහාරයට එකතුකර ගැනීමට රූපලාවන්‍යයේදී වැදගත් වන බව පෙර කලදී ද මුල් බැසගත් විශ්වාසය විය.

✅ උපතේ පටන් එක් එක් වයස් අවස්ථාවන් වලදී සමෙහි පැහැය වෙනස් වේ. ඒ බොහෝ විට රෝගී තත්ත්වයන් හෝ පාරම්පරිකව එන යම් යම් ලක්‍ෂණ නිසා හෝ ආර්ථවයේ ඇතිවන වෙනස්කම් නිසා හෝ මෙවැනි විකෘතිතා ඇතිවිය හැක.

✅ ඒ අතරම පිළිස්සීම, පැපොල් කැලැල්, කල් පවතින තුවාල කැලල්, අනතුරුවලින් ඇතිවන තුවාල කැලැල්, කුරුලෑ වැනි අවස්ථාවලදී ඇතිවන කැලැල් මකා ගැනීම සඳහා දේශීය ආයුර්වේද රූපලාවන්‍ය ක්‍රම ඉතා වැදගත් වේ. තරුණ වයසේදී බොහෝ විට දක්නට ලැබෙන කුරුලෑ සහ එයින් මතුවන ලප, ගැට බොහෝ විට ආයුර්වේද ශාකසාර භාවිතයෙන් ඉවත්කර ගැනීමට පුළුවන. තරුණ විය ඉක්මවා මව් පදවියෙන් පසුව මුහුණ එල්ලා වැටීම, සම වියලීම, තෙල් සහිත බව වැඩිවීම, කුරුලෑ වැනි අවස්ථාවන් ඇතිවූ විට ආයුර්වේද උපදෙස් මත ප්‍රතිකර්ම කිරීමෙන් සුවකර ගත හැකිය. මෙම මව්වරුන් තමන්ගේ රූ සපුව ගැන නොසලකා හැරීම නිසා පසු කලක මානසික ආතතියට පත්වේ.

✅ දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා වැඩි වියදමක් නොයොදවා තම ගෙවත්තෙන් ලැබෙන ඖෂධ වර්ග මගින් විශාල මෙහෙයක් ඉටුකර ගත හැක. උදාහරණ වශයෙන් කොහොඹ, කෝමාරිකා, රෝස, සමන්පිච්ච, වදකහ, පිපිඤ්ඤා, වෙනිවැල්ගැට, අමු කහ, දෙළුම් ආදිය උපයෝගී කරගෙන විශාල සේවයක් තම ශරීරයට ලබාගත හැකිය. බොහෝවිට නූගත්කම මෙන්ම ඒවා භාවිතයට දක්වන මැලිකම නිසා ඒ සඳහා මිනිත්තු කීපයක්වත් වැය කිරීමට තිබෙන අපහසුකම මෙන්ම ඒ සඳහා උනන්දුව අඩුකම නිසාද එම අවස්ථාව මගහැර ගනී. ගෘහයේ වැඩකටයුතු වල නියැලී සිටින ගමන් ගෘහණියකට අමතර කාලයක් නොයොදවා රූපලාවන්‍ය කටයුතු කරගත හැකිය.

✅මුහුණ පිරිසිදු කරගැනීම සඳහා නිවසේ වැඩකටයුතු වල නියැලී සිටින ගමන් වෙනිවැල්ගැට තම්බා සෝදාගත හැකිය. නිතර නිතර ගෘහයේ වැඩකටයුතුවල යෙදෙන විට ගින්දර රස්නයට පිළිස්සුණු මුහුණට අමු කහ ටිකක් ගා ගත හැකිය. ඒ අතරම පිපිඤ්ඤා කපන විට එහි මදය මුහුණේ අතුල්ලා ගැනීමට හැකිය. වියළි ඉරි තැලුණ මුහුණකට පොල් මිරිකා ගැනීමෙන් පසුව අතේ ගෑවෙන පොල් තෙල් ටික මුහුණේ අතුල්ලා ගැනීම මුහුණට විශාල ඖෂධයක් වේ.

✅ ඒ අතරම මිදුලේ ඇති රෝස මලක පෙති ටිකක් වතුර වීදුරුවක දමා තබා එහි වතුර වලින්ද මුහුණ සේදීම යහපත් වේ. එලෙසම සමන්පිච්ච මල් ටිකක් ගෙන පොට්ටනියක් සාදා එයද මුහුණේ ගෑමද, දෙළුම් මල්වලින් මුහුණ සේදීම ද මුහුණ පැහැපත් කරගැනීම සඳහා පහසුවෙන් කළ හැකි දේවල් වේ.

✅ බොහෝවිට මුහුණ පැහැපත් කර ගැනීම මෙන්ම රූපලාවන්‍ය වශයෙන් රුව රැකගැනීම සඳහා පෝෂ්‍යදායී ආහාර ගැනීම අවශ්‍ය වේ. පෝෂ්‍යදායී ආහාර සඳහා මස් මාංශ අවශ්‍ය නොවේ. මේ සඳහා ශාකමය ආහාර, පලා වර්ග, ගමේ එළවළු, පලතුරු ඉතා වැදගත් වේ. පලා වර්ග ආහාරයට නොගැනීම නූතනයේ බොහෝවිට දක්නට ලැබෙන දෙයකි.

✅ ගෘහණියන්ගේ නොසැලකිලිමත්කම හා නූතන ජීවන රටාව අනුව ගෘහණිය හැඩගැසීම නිසාද අහිතකර බලපෑමක් ඇතිවේ.

✅ රුව රැකගැනීම සඳහා පලා වර්ගවලින් බොහෝ මෙහෙයක් ඉටුවේ. උදාහරණ ලෙස කතුරුමුරුංගා, ගොටුකොළ, මුකුණුවැන්න, වෙනිවැල්ල, ජපන් බටු, තෙබු කොළ, ගිරාපලා, පෙති තෝර, කිරිඅඟුණ, එරබදු කොළ ආදී වශයෙන් වැඩි ආර්ථික වියදමක් නොයොදවා අධික පෝෂණයක් මෙමගින් ලබාගත හැකිය. එසේම කිතුල් පිටි, කුරක්කන් පිටි, කඩල පිටි, මුං පිටි, සමෙහි පෝෂණයට ඉතා වැදගත් වේ. එසේම අඹ, නෙල්ලි, කෙසෙල්, ගස්ලබු ආදී දේශීය පලතුරු වර්ග අනුභව කිරීමෙන් සම පැහැපත් කරගත හැකිවේ.

✅ ඖෂධ වර්ග කීපයක් හිසෙහි පෝෂණය සඳහා
🌿 ඉදුණු අලිගැට පේර ගෙඩි 1, කොකුම් පොතු තේ හැඳි 2, බිත්තර කහ මද 1, කෝමාරිකා යුෂ තේ හැඳි 2, ඔලිව් තෙල් මිශ්‍ර කර හිසෙහි ගාන්න.

✅ හිස්හොරි සඳහා
🌿 බිත්තරයක් ගෙන හොඳට ගසා දෙහි බිංදු 2, 3 ක් දමා හොඳට හිස සම්බාහන කර පැය දෙකක් පමණ තබා නෑම, කෝමාරිකා මද හිසෙහි ගා සම්බාහනය කර නෑමද සුදුසුය.

✅ මුහුණෙහි පැහැය වැඩීමට
🌿 ඉදුණු අඹ ගෙඩියක ඉස්ම සහ මී පැණි තේ හැඳි 1/2 ක් කලවම් කර මුහුණෙහි ගා විනාඩි 15 ක් පමණ තබා සෝදා හරින්න.

✅ ඇස් යට කළුවීමට
🌿 අල හොඳට කුඩුකර කපු පුළුන් කැබැල්ලක් ඇස් යට තබා, ඊට උඩින් අල ගාපුවා තබා කපු රෙදි කැබැල්ලකින් වසා පැය 02 ක් පමණ හිඳ සෝදා හරින්න.

✅ කළු ලප මැකීමට
🌿 කහ, වෙනිවැල්ගැට ඇල්වතුරෙන් ගලගා ගාන්න.
🌿 අමු කහ, කොහොඹ කොළ සම්බා සෝදන්න.

✅ රැලි ගතිය මැකීමට
🌿 දොඩම් ඉස්ම ගෙන කපු පුළුන් කැබැල්ලකින් ඉස්ම හොඳට තවරා විනාඩි 10 ක් පමණ මුහුණේ තබා සෝදා හරින්න.

✅ කුරුලෑ සඳහා
🌿 පොඩි පිපිඤ්ඤා ගෙඩියක් සියුම්ව ගා ගත් ඉස්මට රෝස වතුර කෝප්ප 1/2 ක් දමා පිරිසිදුව උතුරවා නිවාගත් උණු වතුර කෝප්ප 1/2 ක් දමා කපුරු පෙති කීපයක් කුඩුකර දමා කුරුලෑවට උඩ පමණක් දවසට තුන්වතාවක් ගාන්න.

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුව ලස්සන කරන ආයුර්වේද රහස් (Hela Rahas) රුව ලස්සන කරන ආයුර්වේද රහස් (Hela Rahas) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 02, 2021 Rating: 5

0 comments:

Post a Comment