ආහාර රුචිය වැඩි කරන ගෙද (Geda)

ආහාර රුචිය වැඩි කරන ගෙද (Geda) - Your Choice Way
🍁 රතු පැහැති දුර්වල කදක් සහ මාංශලමය කුඩා පත්‍ර සහිත කහ පැහැති කුඩා මලක් පිපෙන ශාකයක් තමයි ගෙද පලා කියන්නෙ

🍁 විටමින් බොහොමයක් සහ ඔමේගා සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ ඖෂධීය ආහාරයක් විදියට මේ පැලෑටිය හදුන්වන්න පුළුවන්..

🍁 කුසගිනි මදකම ඉවත් කරලා ආහාර රුචිය වැඩි කරන්නත් ආමාශය ඇතුළු ව ආහාර මාර්ගයේ ඇතිවන බොහොමයක් රෝග වලට පිලියමක් තමයි මේ ආහාරය..

🍁 ඒ වගේම හිසේ ඇතිවන කැක්කුම් සහ උදරයේ ඇතිවන කැක්කුම් වලට විදේශ රටවල මෙය යොදාගන්නවා.. 

🍁 අපේ රටේ වගේම විදේශ රටවලත් ව්‍යාප්ත වුණ ශාක විශේෂයක් විදියට හදුන්වන්න පුළුවන්..මේ පැලෑටිය ආශ්‍රිත ව විවිධ පර්යේෂණ ගණනාවක් සිදු කරලා තියනවා..

🍁 එමගින් අක්මාවේ එන්සයිම ශ්‍රාවය උත්තේජනය කරන්නත් අක්මාව ආශ්‍රිත විෂ ඉවත් කරලා අක්මාව ආරක්ෂක කරගැනීමේ හැකියාවත් තිබෙන බව සනාථ කරගෙන තිබෙනවා..

🌿 මේ පැලෑටියේ සාරයට වණ, සැරව ගලන තුවාල වල  සැරව ඉවත් කිරීමේ හැකියාවත් තිබෙනවා.. 

🌿 ඇස් වලට ඉතාමත් ගුණදායක රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුතුයි... 

🌿 වකුගඩු පිරිසිදු කිරීමත් , අතීසාර, අර්ශස් ආදියට මෙය ආහාරයක් විදියට යොදා ගන්න පුළුවන්.. 

🌿 අධි රුධිර පීඩනය පාලනය කිරීම සහ රුධිර කැටි ඇතිවීමේ හැකියාව වළක්වන්න මේ පැලෑටියට පුළුවන්...ඒ පිලිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකර තියෙනවා..

🌿 බොහොමයක් රටවල සුප් හෝ තේ පානයක් විදියට ක් ආහාරයක් විදියටත් ප්‍රසිද්ධ ව යොදාගන්නා පැලෑටියක් තමයි ගෙද ශාකය..

🌿 ඔබ ගුණය පිලිබඳ ව නොදැනුවත්ව ආහාරයට ගන්න  සමහරවිට නොදැනම වත්තෙ එක් තැනක ඉබේම හැදිලා තියන මේ පැලෑටිය සොබා දහමේ අපූරු දායාදයක්..

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආහාර රුචිය වැඩි කරන ගෙද (Geda) ආහාර රුචිය වැඩි කරන ගෙද (Geda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment