කොරෝනාවට“ දුම් ඇල්ලීම හරි විදිහට කරන්නේ මෙහෙමයි (Dum Allima)

කොරෝනාවට“ දුම් ඇල්ලීම හරි විදිහට කරන්නේ මෙහෙමයි (Dum Allima) - Your Choice Way
🍁 මේ දිනවල සමාජයේ බටහිර වෛද්‍යවරු මෙන් ම දේශීය වෛද්‍යවරුන් කොරෝනා වෛරසයට දුම් ඇල්ලීම ගැන ප්‍රකාශ කරති .ඒ නිසා ඒ ගැන පැහැදිලි කිරීම සුදුසු වේ. ගෙදරක එක් අයෙකුට සෙම්ප්‍රතික්ශාවක්,උණක් හැදුන විට නිවසේ අනෙක් අයට එය බෝ වේ. එම අත්දැකීම අප කාටත් හුරු පුරුදු දෙයකි. එවැනි අවස්ථාවලදී කොත්තමල්ලි,දෙහි කොළ,පාවට්ටා කොළ,නික කොළ මුට්ටියක දමා ජලය සමග මිශ්‍ර කර තම්බා එයින් නැගෙන වාෂ්පය පොරෝනයකින් හිස වසාගෙන එයින් නැගෙන වාෂ්පය මුහුණට ඇල්ලීම සිදු කරනු ලබයි. මෙයින් සිදු වන්නේ නාසය, මුඛය, උගුර ඇතුළුව ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ( Upper Respiratary tract ) සෙම පදාර්ථ නිසා ඇතිවෙන අවරෝධය මඟ හැරී යාම සිදු වේ. මෙසේ සිදු වනුයේ එම කොටස්වල ඝනව බැඳුණු සෙම් කොටස් ද්‍රව බවට පත් වී ඉවත් වීමයි. එමෙන්ම ස්වාසනාල ආදියෙහි විස්ථාරනයට ද මෙය උපකාරී වේ.

🍁 දේශීය වෙදකමේ මෙය හදුන්වන්නේ වේදු පෑම හෙවත් වේදු ඇල්ලීම යනුවෙනි. වර්තමාන ව්‍යවහාරයේ මෙය දුම් ඇල්ලීම වශයෙන් දැක්වුව ද සත්‍ය වශයෙන්ම මෙහිදී රෝගියා ආඝ්‍රනය කරනුයේ දුම ( Smok ) නොව ඖෂධ ද්‍රව්‍ය තැම්බීමෙන් පිටවන වාෂ්පයි. හුමාලය, Steam යන්න වඩාත් නිවැරදි අර්ථය වන්නේ වාෂ්ප ඇල්ලීම නැතහොත් හුමාලය ඇල්ලීම යන්න ය. සෙම්ප්‍රතික්ෂාව ( Common Cold ), Influvenza වැනි රෝග තත්ත්වයන්හිදී පාරම්පරික වශයෙන් සිදු කළ වේදු පෑම කොරෝන හෙවත් Covid - 19 රෝගයට ද ඉතාමත් යෝග්‍ය ප්‍රතිකාරයක් වනුයේ එය ද Influvenza වැනි වෛරස රෝගයක් වු නිසාවෙනි.

🍁 ඒ අනුව වේදු පෑම නමැති ප්‍රතිකාරය චීනයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන නිසා පමණක් කළ යුතු ප්‍රතිකාරයක් නොවේ.මෙය අපට හුරු පුරුදු දේශීය වෙදකමේ අනාදිමත් කාලයක සිට කර ගෙන ආ ප්‍රතිකාර ක්‍රමයක් වේ.මෙය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වන්නේ වාෂ්පස්වේද ලෙසයි. ( Steam bath ) මුලික වශයෙන් ම මෙහිදී සිදු වන්නේ ශරීරයේ දහඩිය ගැන්වීමයි. 

🍁 ආයුර්වේදයට අනුව මෙය තවත් විස්තර කරන්නේ නම් ශරීරයට ඖෂධීය වාෂ්ප වැදීමට සැලැස්වීමෙන් දහඩිය ගන්වන ක්‍රමයකි. මෙය ආයුර්වේදයේ ශ්වේද කර්ම ලෙස හදුන්වනු ලබයි. මෙය ආයුර්වේදයේ දැක්වෙන වාකජ මෙන්ම කපජ යන දෙආකාරයේම රෝග සඳහා භාවිත කරයි.

🍁 විශේෂයෙන්ම කොවිඩ් 19 රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රීතව හට ගන්නා කපජ රෝගී අවස්ථාවක් ලෙස ආයුර්වේද මුලධර්මයන්ට අනුව හඳුන්වා දිය හැකි ය. ඒ අනුව වේදු පෑම මඟින් ස්වසන පද්ධතියේ කළු පදාර්ථ ( සෙම් කොටස් ) දිය වී බුරුල්ව ඉවත් වීම මඟින් රෝගියාට

🍁 විශාල සහනයක් මෙන්ම රෝගය සුව කර ගැනීමට පිටිවහලක් ද වේ. මෙමගින් දහඩිය දැමීම නිසා උණ ( ජ්වර ) තාවය පහව යනවා මෙන්ම ඇඟපත වේදනාව ආදී වු ශාරීරික ලක්ෂණ ද නැති වේ. එහෙයින් මෙම වාෂ්ප ඇල්ලීම රෝග ලක්ෂණ පහළවන මූලික අවස්ථාවේදී සිටම කිරීම මඟින් රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමට පුළුවන.

✅ වේදු පෑම සිදු කරන ආකාරය ( භාවිත කළ හැකි ඖෂධ )

🌳 දෙහි කොළ,කොත්තමල්ලි, නික කොළ,පාවට්ටා කොළ,බෙලි කොළ,ආදී වාෂ්පශිලී සංඝටක අඩංගු ඖෂධීය කොළ වර්ග,මීට අමතරව දෙහි ලෙලි,දොඩම් ලෙලි,නාරං ලෙලි,ආදී පැඟිරි කුලයේ පලතුරු ලෙලි මේ සඳහා යොදා ගත හැකි. 

🌿 ඉහත දක්වා ඇති ඖෂධ ද්‍රව්‍ය කිහිපයක් මුට්ටියකට දමා ජලය අවශ්‍ය පරිදි එකතු කර මුට්ටියේ කට වසා හොදින් තැම්බීමට ඉඩ හරින්න. උතුරා වාෂ්ප පිට වන විට පොරෝනයකින් හිස වසා මුහුණ ප්‍රදේශයට හුමාලය ඇල්ලිය යුතු ය. මෙහිදී පිටවන වාෂ්ප නාසයෙන් උරා මුඛයෙන් පිට කිරීම නිවැරදි ක්‍රමවේදය වේ.

🌿 අවම වශයෙන් මුට්ටිය සහ මුහුණ අතර අඟල් 18 ක පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය වේ. උණුසුමේ ස්වභාවය අනුව හිස සහ මුට්ටිය අතර දුර වෙනස් කර ගත හැක. මීට අමතරව හිස හරවමින් මුහුණ දෙපසට සහ කන් ප්‍රදේශයට ද හුමාලය ඇල්ලීමෙන් කන්වල මෙන්ම යුෂ්ටේකීය නාලයේ පවතින අවරෝධය ද ඉවත් කරගත හැක.

🌿 කෙසේ වෙතත් උණුසුම් දුම වාෂ්පයක් වන හුමාලය මඟින් මුහුණ පිළිස්සිමට ඉඩ කඩ වැඩි බැවින් වේදු පෑම ප්‍රවේශමෙන් කළ යුතු ය. ඉතා සියුම් ඉන්ද්‍රියක් වන ඇසට තද උණුසුම නොවැදීමට ඇස් වසා සිටිය යුතු අතර විශේෂ අවදානයකින් එය කළ යුතු ය. කෙසේ වෙතත් වාෂ්ප ඇල්ලීමට යොදා ගන්නා භාජනය සෑම විටම උණුසුම් වු පසු ලිපෙන් වාෂ්ප බා ඇල්ලීම කළ යුතු ය. වේදු පෑම දේශීය වෛද්‍යවරයාට මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කිරීමට පුරුදු වු මහජනයාට අරුමයක් නොවේ

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏

විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනාවට“ දුම් ඇල්ලීම හරි විදිහට කරන්නේ මෙහෙමයි (Dum Allima) කොරෝනාවට“ දුම් ඇල්ලීම හරි විදිහට කරන්නේ මෙහෙමයි (Dum Allima) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment