Your Choice Way

කට්ටඩි මගෝඩි (Cheat)

කට්ටඩි මගෝඩි (Cheat) - Your Choice Way
මෙ කියන්න යන්නෙ කට්ටඩියන් තොවිල් වලදි අහිංසක මිනිසුන් රවටන කූට උපක්‍රම ගැන. සමහර අයනම් දන්නවත් ඇති.

පුහු⁣ලෙන් ලේ ගැනීම
තොවිලෙ කරන්නෙ රෑටනම් ගුරුන්නාන්සෙ පුහුල කපන පිහිය හවසටඉල්ලගන්නව. පිහිය අරගෙන කාටවත් නොපෙනෙන්න වදමල් පොඩිකරල පිහියෙ උලනව. ඉතින් රෑට තොවිලෙ කරල පුහුල ගුරාගෙ බඩ උඩ තියල (කුණුහර්පයක්ද මන්ද :D) තීන්දුව කපනව කියල පුහුල කපනව. රතුපාට වදමල් කහට පුහුලෙ වතුර සාවරෙත් එක්ක ලේ වගේ වැක්කෙරෙනව. අනේ ඉතිම් බලන් ඉන්න උන්ගෙ ඇස් උඩ.

ඇගිලි දෙකෙන් දෙහි කැපීම
දෙහිගෙඩිය අරගෙන කටුවකින් දෙහිගෙඩිය වටේටම ඇතුලට වෙනකම් ලගින් ලගින් සිදුරු කරනව. පස්සෙ දෙහිගෙඩිය ⁣අතින් හොදට පොඩිකරනව. එතකොට අර සිදුරු සේරම නොපෙනී යනව. ඉතින් තොවිලෙ වෙලාවෙදි උඩ පැනල හූ කියල ඇගිලිදෙක ගිරයක්වගේ හදල දෙහි ගෙඩිය තදකරනව. අර සිදුරු නිසා ලස්සනට දෙහිගෙඩියෙ පලුවෙන්වෙනව. ඔයාලත් අත්හදා බලන්න.

මලපෙරේතය බීපු ඇතුල හිස් බිත්තර
තොවිලෙට යන්න කලින් කට්ටඩිය බිත්තරයක් අරන් සිරින්ජයකින් ඒක සිදුරු කරල සාරය අයින් කරල විට කන හුනු වලින් සුක්ශමව සිදුර වහනව. තොවිලෙ කරත්දි මලපෙරේත තටුවෙ තියෙන බිත්තර එක්ක අර හිස් බිත්තරය මාරුකරනව. මේක ගොඩක් වෙලාවට ගුරාගෙ ගෝලය තමයි කරන්නෙ. ඉතින් ගුරුන්නාන්සෙ ආරුඩෙන් උඩපැන පැන ගිහින් වැඩාර් වගේ මලපෙරේතයබීපු හිස් බිත්තරේ පෙන්නනව.

පිටිඅත්ලෙන් මතුවන මිනී ඔළුව
හැමෝටම හොරෙන් අරලිය ගසක කිරි අරගෙන අතේ උඩපැත්තෙ අදිනව මිනී ඔළුවක්. ටිකවෙලාවක් යත්දි අරලියකිරි වේලිලා මිනීඔළුව නොපෙනී යනව. පස්සෙ මිනිස්සු ඉන්නතැනට ගිහින් කඩදාසි කොලේක බොරුවට මන්තරයක් ලියල ඒක පුච්චල අළුවලින් අර මිනීඔළුව ඇන්ද තැන පිහිදනව. ලස්සනට අළුවලින් මිනීඔළුවක් මතුවෙනව. මිනිස්සු හිතන්නෙ කඩදාසියෙ ලියුව මන්තරෙන් ඕක උනා කියල.

ලේ ගලන්න දෙහි කැපීම
කුකුලගෙ ලේ අරන් සිරිංජයකින් දෙහිගෙඩියෙ ඇතුලට විදිනව. දෙහි කපත්දි එලියට එන්නෙ ඒ කුකුල් ලේ.තවගොඩක් තියෙනව කියන්න අමාරුයි සමහර දේවල් කියල අපි මොකටද කාගෙවත් රැකියාවක් විනාස කරන්නෙ.

කනප්පුව ඇවිද්දවන එකත් සරල භෟතික විද්‍යා කරුණක්. කුල්ල පාකිරීමත් එහෙමයි. ඉතිම් මේගැන මීටවඩා විස්තර අහන්න එපා! ඕනනම් තොවිලයක් කරන්නම් මැජික් වලින්. මේවගෙ ඇත්තක් නැත්තෙමත් නෑ, ඒත් ගොඩක් ⁣තියෙන්නෙ බොරු.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කට්ටඩි මගෝඩි (Cheat) කට්ටඩි මගෝඩි (Cheat) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, June 11, 2021 Rating: 5

0 comments:

Post a Comment