වාහනයේ එල්ලුණු හොල්මන (Avathar)

වාහනයේ එල්ලුණු හොල්මන (Avathar) - Your Choice Way
2016.12.09 දින වෘත්තියෙන් රියදුරකු වන අමරනාද බුත්තල අවමංගල්‍යය උත්සවයකට යාමට පිටත් වන විට වෙලාව ප.ව 4.30 පමන විය.මිය ගිය කෙනාගේ පවුලේ පිරිසක් අරන් යාමයි පැවරී තිබුණ වගකීම වුනේ.බුත්තල නගරයෙන් සැතපුම් 15 පමන ඇතුලේ පිහිටි හුදකලා නිහඩ වංශවත් පවුලක .මලගෙදරට ගිය පිරිස එහිම නතර වුන නිසා රාත්‍රීයේම කොළඹ බලා පිටත්වන්නට අමරනාද තීරණය කලා.

මල ගෙදරට සහභාගි වු තව පිරිසක් ද ඒ සමග එක්ක ව යන්න කතිකා කරගත්ත.අමරනාදගේ වෑන් රථයේ සිටියේ ඔහු පමනයි.අනෙක් මරුති වර්ගයේ කාර් රථයේ සව් දෙනෙක් හිටිය.ඒ වාහනයෙ හිමි කරු හා බිරිඳ ඔවුන්ගේ ඤාති කාන්තාවන් දෙදෙනෙක් වශයෙනි.

නැවත කොළඹ බලා එන්න මේ අය පිටත්වුනේ රාත්‍රී 10 පමනයි.උදෑසන වන විට කොළඹට පැමිණෙන්නයි ඔවුන්ගේ අදහස වුනේ .බුත්තල ටවුමට එන්න පෙර මාවත දෙපස වල් සතුන් ගහන අලියන් පවා හැසිරෙන බවත් ඒ නිසා අවධානමෙන් යන ලෙස අසල්වැසියන් උපදෙස් දුන්හ.ඒ නිසාම මරුතිය ඉදිරියෙන් ද අමරනාදගේ වෑන් එක පිටුපසින් ද පිටත්වුනා.

ගෙවල් මංඩියෙන් ඉදිරියට ගියහම හමුවන්නේ ගන කෑලැවක්.වසර දෙතුන් සීයක් පැරනි වීර,පලු,තේක්ක,ගස් වලින් මාර්ගය දෙපස ගන අදුර පතුරවනව.වාහන එලිය මිස වෙන එලියකට ඇත්තේ කනාමැදිරි එලියක් විතරයි.ගස් අතර අදුර ගුලි මෙන් පිරිල තිබුණේ.ඒ නිසා ඉදිරියේ යන වාහනය දිහා බලාගෙන මද වේගයෙන් රිය පදවන්න අමරනාද කටයුතු කලා.

පිටත් වී සැතපුම් 6,7 ගිය තැන අමරනාද ඉදිරියේ යන වාහනයෙ වෙනසක් දකින්න ලැබුන.අස්වාභාවික විදිහට වාහනේ පාර පුරා යනවා.එකවර බ්රේක් කර නවතල අයෙත් වේගයෙන් ඉස්සරහ ට තල්ලු වෙනවා.ඇතුලේ කාන්තාවෝ හැකි වෙර යොදා කෑ ගහනවා.රියදුරු අමුතිත්ත කුණුහරුප කියල බනිනව.අමරනාද මේක තේරුම් ගන්න අපහසුයි.ඒ නිසා ඉදිරි වහනයට ඉතා සමිප කරල බලන්න වාහනයෙ වේගය වැඩි කලා.

එවිට ඔහු දැක්කා ඉතා කෙසග සිරුරක් ඇති නිරුවත් පිරිමියෙක් මරුතියේ එල්ලී සිටින බව.කොතරම් වාහනය පැද්දුවත් ඔහු එය අතනොහැරම එල්ලී සිටියා.ඒ අතරම තම හිසෙන් කාරයෙ වහලයට දැඩිව පහර දුන්න.ඒ පහර දී බලා සිටින්නට බැරි තරම් බිහිසුණු දෙයක්.අමරනාද හිතල තියෙන්නේ කැලෑ වැදුන මිනිහෙක් ගෑනු දැකල පන්නනව කියල යි.නමුත් ඒ මිනිහගෙ මූන දැක්ක ට පස්සේ අමරනාද බියෙන් වෙව්ලන්නට පටන් අරන්.මරුතිය අතහැර ආපස්සට ආව ඒ මිනිසා වෑන් එකට පහර දීල තියෙනවා.ඔහු මුළුමනින්ම නිරුවත් ලු.අත් වල ඇගිලි මල සිරුරක අස්ථි මෙන් මස් රහිතලු.අමරනාද වාහනය ඒ මනුස්සයගෙ ඇගට කලන කොට ඔහු හිස් කබල තදින් වහනයෙ හප්පල තියෙනවා.අමරනාද ට පහර දෙන අවස්ථාවේ ඉදිරි කාර් එක බේරිල යන්න හදල තියෙනවා .ඉක්මනින් අමරනාද අතහැර මරුති ය වෙත ගිය ඔහු කාරට උස්සා පාරෙන් ඉවතට තල්ලු කරල දමල.අමරනාද හැකි වේගයෙන් රිවස් ගියරයෙන් අපස්සට ගිහින් වාහනය නැවත මලගෙදරට ගෙනහින් තියෙනවා.එහෙ පිරිසට සිදුවීම පහදල දහදෙනෙක් පමන පිරිමි ආයුධත් එක්ක අදාල තැනට ඇවිත් තියෙනවා.ඒ වන විට අර අද්භූත නිරුවත් මිනිසා සිට නැහැ ඔහු අදුරේම වනන්තරය තුළට පැනගිහින්.කාරයේ සිටි සිව්දෙනාම බියෙන් තැතිගෙන එයින් බිමට බහින්න බැරි තරම් කම්පනයෙන් සිට තියෙන්නේ.

වාහනයේ තැලීම් යකඩ පොල්ලකින් තැලුව වගේ දැඩිව තියෙනවා.මෙබදු තැනැත්තකු මීට පෙර දැක්ක අයෙක් නැහැ.නමුත් මෙතනදි පස් දෙනෙක් පැහැදිලි වම දැක්ක.ඔහුගේ අමනුෂ්‍ය හැසිරීම නිසා ඒ මනුෂ්‍යත්වය ඉක්මවන වෙනත් ජිව කොට්ඨාසයක් වන්නට ඇතිබව අමරනාද ඇතුළු ඔවුන්ගේ අදහස වී ඇත්තේ .
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වාහනයේ එල්ලුණු හොල්මන (Avathar) වාහනයේ එල්ලුණු හොල්මන (Avathar) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2021 Rating: 5

0 comments:

Post a Comment