Sandun Gasaka Ethi Saman Lathawaka Song Lyrics - සඳුන් ගසක එති සමන් ලතාවක ගීතයේ පද පෙළ

Sandun Gasaka Ethi Saman Lathawaka Song Lyrics - සඳුන් ගසක එති සමන් ලතාවක ගීතයේ පද පෙළ
Song Title : Sandun Gasaka Ethi Saman Lathawaka (සඳුන් ගසක එති සමන් ලතාවක)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : ලලිත් එස් මෛත්‍රීපාල
සංගීතය : මොහොමඩ් සාලි


සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා..
මගේ හද, තවමත් බැබලෙනවා..
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා..
ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා....

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ..
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ..
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා..
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා..
අනේ සුදු ඔබ මා රැවටෙව්වා..

සඳුන් ගසක එති සමන් ලතාවක...

ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..

සඳුන් ගසක එති සමන් ලතාවක...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandun Gasaka Ethi Saman Lathawaka Song Lyrics - සඳුන් ගසක එති සමන් ලතාවක ගීතයේ පද පෙළ Sandun Gasaka Ethi Saman Lathawaka Song Lyrics - සඳුන් ගසක එති සමන් ලතාවක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2021 Rating: 5

0 comments:

Post a Comment